2009දී මැරුවයි කියපු කොටියා පවුලත් සමඟ ඉන්දියාවේදී 2014දී හසුවෙයි - GOSSIP9.WORLD

Post Top Ad

2009දී මැරුවයි කියපු කොටියා පවුලත් සමඟ ඉන්දියාවේදී 2014දී හසුවෙයි

Share This
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් විසින් වධහිංසා කර 2009 වසරේදී මරා දමන ලදැයි වාර්තා පළ වූ ප්‍රමුඛ පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු හා ඔහුගේ පවුලේ උදවිය පසුගිය මැයි 5 වැනිදා ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් අය අතර සිටින බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

කේ. ත්‍යාගරාජා නම් 33 හැවිරිදි පරිගණක ඉන්ජිනේරුවරයකු වන එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා හා ඔහුගේ බිරිය වන උදයකලා, 12 හැවිරිදි පුතා හා දියණියන් දෙදෙනා ඇතුළු පිරිසක් පසුගිය මැයි 5 වැනිදා ධනුෂ්කොඩි, අරිචමුනෙයි ප්‍රදේශයට නීති විරෝධී ලෙස ගොඩ බැස ඇති අතර ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය නීත්‍යනුකූල ලියවිලි නොමැති වීම නිසා ඔවුහු ඉන්දීය වෙරළාරක්‍ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදෙනු ලැබීය.

මේ පුද්ගලයා ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා මරා දමන ලදැයි මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්, සරණාගතයන් පිළිබඳ ඕස්ට්‍රේලියා රජයේ විමර්ශන විනිශ්චය සභාව හා එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් කීපයක්ම ශ්‍රී ලංකා රජයට චෝදනා කර තිබුණු බව 'ද හින්දු' පුවත්පත සඳහන් කර තිබේ.

සාක්‍ෂි නැති යුද්ධය නමින් නිකුත් කර තිබූ වාර්තාවේ පළ කර තිබුණේ ඇමෙරිකානු පුණ්‍යායතනයක සේවය කළ 33 හැවිරිදි ඉන්ජිනේරුවා කොළඹදී නාඳුනන පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දමා ඇති බවයි.

ත්‍යාගරාජා හා ඔහුගේ පවුලේ උදවිය අත්අඩංගුවට පත්වූ පසු ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් වෙත පවසා ඇත්තේ 2005 වසරේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා එහිම සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ බවයි. එහෙත් කිලිනොච්චියේ පදිංචි ඔහුගේ පවුලේ උදවිය හා පැවැති සබඳතා බිඳවැටීම හා වවුනියාව සරණාගත කඳවුරක මාසයක් පමණ ගත කිරීමත් එතැන් සිට තමිල්නාඩුවට පලා යෑමත් පිළිබඳ තොරතුරු ඔහු හෙළිකර නැතැයි මාධ්‍ය වාර්තාව කියයි.

මීට අමතරව මේ සැකකරු හා ඔහුගේ බිරිය විසින් පුද්ගලයන් විවිධ රටවලට යවන බව පවසා මුදල් වංචා කර ඇති බව ආරක්‍ෂක අංශවලට අනාවරණය වී ඇති බවත් ඔවුන්ගේ වංචාවලට හසුවූවන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි කර ඇති බව සඳහන්ය.

මොවුන් දෙදෙනා කොළඹදී ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා සමීප සබඳතා පවත්වා ඇති බවත් ඒ හරහා පුද්ගලයන් යුරෝපයට යවා රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මිලියන ගණන් මුදල් වංචා කර තිබීම නිසා ශ්‍රී ලංකාවේ විවිධ පොලිස් ස්ථානවල ඔවුනට විරුද්ධව පැමිණිලි ඇතැයිද ද හින්දු වාර්තාව කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad