පන්දු වාර 20 ලෝක ක්රිකට් කුසලානය ජය ගැනීම සඳහා දායක වූ එමෙන් ම අවසන් තරගයේ හොඳ ම ක්රීඩකයා ලෙස සම්මානයට පාත්ර වූ කුමාර් සංගක්කාර අද පෙරවරුවේ අප සහෝදර ඉංග්රීසි රේඩියෝ නාලිකාවක් වන Yes FM ගුවන් විදුලිය සමග සජීවීව දුරකතන සංවාදයකට සහභාගි විය.
එහිදී ඔහු සඳහන් කළේ, ලෝක කුසලානය දිනා ගැනීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන බව ය. මේ අතර, ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව කණ්ඩායම් දෙකෙහි ක්රීඩකයින් සුබ පැතූ අවස්ථාවේ කුමාර් සංගක්කාර, ඉන්දීය ක්රීඩක විරාට් කෝලිට පැවසූයේ කුමක් දැයි එහිදී ප්රශ්නයක් ඉදිරිපත් කෙරිණි.
ඊට කුමාර සංගක්කාර දුන් පිළිතුර වූයේ, විරාට් කෝලි තරගාවලිය පුරා ඉතා සාර්ථකව ක්රීඩා කළ හෙයින් ඔහුට තමන් විශේෂයෙන් සුබ පැතූ බව ය.
විරාට් කෝලි යනු විශිෂ්ට ක්රීඩකයෙකු බව ඔහු පැවසීය.
මේ අතර, ඉන්දීය කණ්ඩායම පරාජය වෙමින් පැවති මොහොතක විරාට් කෝලිගේ උත්සහය අසාර්ථක වී තිබූ මොහොතක තමන් අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාවේ පළමුවෙන් ම සුබ පැතුවේ විරාට් කෝලි බව ද සංගක්කාර සිහිපත් කළේ ය.
ඒ අතින් ගත් කළ විරාට් කෝලි සමස්ත ඉන්දියාව ම කර මත තබාගෙන ක්රීඩා කරන නිහතමානී ක්රීඩකයෙකු බව කුමාර් සංගක්කාර අවධාරණය කළේ ය.

No comments:
Post a Comment