[DEHI NEWS] ඇමති පුත්‍රයෝන්ගේ වාසනාව මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] ඇමති පුත්‍රයෝන්ගේ වාසනාව මෙන්න

Share This
මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුපක්ෂයේත් විපක්ෂයේත් දැනට දේශපාලයේ සිටින සහ හිටපු මැති ඇමතිවරුන්ගේ දූ පුතුන් 10දෙනෙක් තරග කළ අතර ඒ සියලු දෙනාම පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස පත් වී සිටිති. 

එයින් 4 දෙනෙක්ම මනාප ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය දිනාගැනීමට සමත්වීම විශේෂයකි.

එහෙත් මැතිවරණයට තරග කළ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තරු මිශ්‍ර ප්‍රතිපල ලබාගෙන තිබේ.

එම අපේක්ෂකයින් පිළිබද තොරතුරු මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. නැසී ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
(මනාප 139,034 ලබා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණයකොට ඇත)

2. කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සොනාල් වෙල්ගම
(මනාප 115,385 ලබා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කොට ඇත)

3. ජීවන් කුමාරතුංග ගේ දියණිය මල්ෂා කුමාරතුංග
(මනාප ජන්ද 43324 ලබා කොළඹ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

4. ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුත් පසඳ යාපා අබේගුණවර්ධන
(මනාප 76870 ලබා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කොට ඇත)

5. පියසේන ගමගේ ගේ පුත් රන්දිම ගමගේ
(මනාප ජන්ද 38,168 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ හතරවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

6. නැසී ගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ
(මනාප ජන්ද 23,920 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ නමවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

7. හිටපු අමාත්‍ය මහින්ද විෙජ්සේකර ගේ පුත් කාංචන විෙජ්සේකර
(මනාප ජන්ද 31422 ලබා මාතරින් පස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

එක්සත් ජාතික පක්ෂය
8. නැසීගිය ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන
(මනාප ජන්ද 41654 ලබා ගම්පහින් දෙවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

9. හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාර
(මනාප ජන්ද 10629 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ එකොලොස්වන ස්ථානය ලබාගනිමින් පරාජය වී ඇත)

10. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති
(මනාප ජන්ද 27930 ලබා මාතර එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමුවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

තරු

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ ජගත් ඛෙනරගම
(පරාජය වී ඇත)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ රවීන්ද්‍ර යසස්
(මනාප ජන්ද 12,885 ලබා කළුතර මනාප ලැයිස්තුවේ පළමුවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ නලීන් ප්‍රදීප් උඩවෙල
(මනාප ඡන්ද 13,653ක් ලබා කොළඹ දිස්ත්‍රික්කයෙන් තෙවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත.)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ ගීතා කුමාරසිංහ
(මනාප ජන්ද 26932 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ අටවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අනර්කලී ආකර්ෂා
(පරාජය වී ඇත)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ මධු මාධව අරවින්ද
(පරාජය වී ඇත)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ රොජර් සෙනෙවිරත්න
(මනාප ජන්ද 44,011 ලබා කොළඹින් හතරවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නදීෂා හේමමාලි
(පරාජය වී ඇත)

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ඛෙනට් රත්නායකගේ පුත් උදාර රත්නායක
(මනාප ජන්ද 20165 ලබා මනාප ලැයිස්තුවේ එකොලොස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රොඩ්නි ෆ්‍රේෂර්
(මනාප ඡන්ද 19,643ක් ලබාගෙන, මනාප ලැයිස්තුවේ 12වැනියා ලෙස ජයග්‍රහනය කර ඇත)

No comments:

Post a Comment

Post Bottom Ad