මනාප ප්‍රතිඵල පිළිබඳ ගැටලු පවතින අපේක්ෂකයන්ට යළිත් මනාප සාරාංශ ලේඛන පරීක්ෂා කිරීමට ඉඩ ලබාදීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක අපේක්ෂකයන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක මනාප ප්‍රතිඵල සම්බන්ධයෙන් කොමසාරිස් වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ලැබුණු පැමිණිලි පිළිබඳ සලකා බැලූ මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ දී මනාප සාරාංශ ලේඛන පරීක්ෂාවට අවසර දීමට තීරණය කර ඇත.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මනාප සාරාංශ ලේඛන පසුගියදා 1 එම පක්ෂයේ අපේක්ෂකයන්ට බැලීමට ඉඩ ලබාදී තිබුණි.
ඒ අනුව පෙරේදා (11 වැනිදා) දවස පුරා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපිට ප්‍රතිඵල සටහන් කළ සාරාංශ ලේඛන සියල්ල පරීක්ෂා කෙරුණි.
එම ප්‍රතිඵලවලට අනුව තේරී පත් වූ අපේක්ෂකයන්ගේ ප්රතිඵලවල වෙනසක් සිදු නොවන නමුත් පරාජිත අපේක්ෂකයන්ගේ මනාප සංඛ්‍යාවල වෙනස්කම් සිදුව තිබේ.

No comments:
Post a Comment