සිරසේ අස්සයො තුන්දෙනාම ඇතුලේ ! - GOSSIP9.WORLD

Post Top Ad

සිරසේ අස්සයො තුන්දෙනාම ඇතුලේ !

Share This
විවිධ පක්ෂවලින් මැතිවරණ සදහා ඉදිරිපත් කොට තමන්ගේම මහජන නියෝජිතයින් පිරිසක් බිහි කරගැනීමේ සිරස/මහාරාජා ව්‍යාපෘතියේ තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබමින් මෙවර මැතිවරණය සදහා පක්ෂ තුනකින් ඉදිරිපත් කළ අපේක්ෂකයින් තිදෙනාම ජයග්‍රහණය කරවීමට එම ව්‍යාපාරය සමත් ව තිබේ.

මේ අනුව ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ එස්.එම් මරික්කාර් ඡන්ද 67,243ක් ලබාගෙන එම පක්ෂයේ මනාප ලැයිස්තුවේ පළමුවැනි තැනට පත් වූ අතර, ආණ්ඩු පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් කළ සුසාර දිනාල් සිල්වා ඡන්ද 37,598ක් ලබාගනිමින් එම ලැයිස්තුවේ 11වැනියා ලෙස පළාත් සභාවට පත්ව සිටී. ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කළ සුසිල් කිදෙල්පිටිය ඡන්ද 32,918ක් ලබාගනිමින් එම ලැයිස්තුවේ පළමුවැනියා ලෙස පත් විය.

මෙම තිදෙනා නාම‍ යෝජනා දුන් අවස්ථාවේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තුරුම දිනපතා සිරස සෑම ප්‍රධාන ප්‍රවෘති විකාශයකදීම ඔවුන් පිළිබදව පුවත් විකාශනය කෙරුණු අතර, ඊට අමතරව ප්‍රචාරක දැන්වීම් විශාල ප්‍රමාණයක් ද පළ කෙරිණි.

මීට පෙර මහාරාජාවරුන් විසින් මේ ආකාරයෙන්ම දේශපාලකයන් දෙදෙනෙකු බිහි කර තිබේ. එනම් මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ය. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සිරසේ පිළිවෙත අනුව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට මන්ත්‍රීධුරයක් ලබාගත් ජේ.ශ්‍රී රංගා, පාර්ලිමේන්තුවට පත් වී කෙටි කලකින් වෙනම පක්ෂයක් හදාගෙන එහි මහ ලේකම් ලෙස පෙනී සිටියි. සිරස මාධ්‍ය ජාලය, මේ සියලු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් සදහා අති විශාල ප්‍රචාරයක් ලබා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad