ෆොන්සේකාගේ ඡන්දය නීත්‍යානුකුලද ? - GOSSIP9.WORLD

Post Top Ad

ෆොන්සේකාගේ ඡන්දය නීත්‍යානුකුලද ?

Share This
පසුගිය සෙනසුරාදා පැවති පළාත් සභා මැතිවරණයේදී හිටපු හමුදපති සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආන්දෝලනයක් බවට පත්වී ඇත.

සරත් ෆොන්සේකා සිරදඬුවමට ලක්වීම සහ අනතුරුව ජනාධිපති සමාව ලැබීම ත් සමග බොහෝ අය මත පළ කළේ ඔහුට ඡන්දය ලබාදීමේ හෝ ඡන්දය ඉල්ලීමේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවටයි.

මේ අතර නීත්‍යනුකූලව ජන්දය ප්‍රකාශ කර ප්‍රජා අයිතිය හිමිකරගත් තමන්ට ඡන්දය ඉල්ලා සිටීමේ සම්පූර්ණ අයිතියත් තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

මා ලැබූ ජයග්‍රහණයක්
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පසුගිය පළාත් සභා මැතිවරණයේ ඔහුට අදාල පිළියන්දල මඩපාත ජන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ අතර එලෙස ජන්දය ප්‍රකාශ කිරීමට හැකිවීම තමන් ලද ජයග්‍රහණයක් බව ඔහු පැවසුවේය.


මේ රටේ පාලකයා මට හිරදඩුවම් දීලා මගේ ප්‍රජා අයතිය නැතිකරලා උත්සාහ කළා මගේ අත පය බැදලා දන්න. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම සටන් කළා. අන්තිමේ දී මේ මැතිවරණයේදී මම ප්‍රජා අයතිය හිමිකරගත්තා නිත්‍යානුකුලව ජන්දය ප්‍රකාශ කරලා. ජන්දය තියෙන පුරවැසියෙකුට ජනතාවගේ නියෝජිතයකු වන්න ජනතාවගේ ජනවරමක් ලබගන්න කිසිම බාධාවක් නැහැ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්නම් නම් ඔහුට ඡන්දය ඉල්ලීමටද අයතිය ඇතිබව පවසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හෙට මහ මැතිවරණයක්‌ පැවැත්වූවත් ඒ සඳහා තමන්ට ජන්දය ඉල්ලීමේ හැකියාව ඇති බව පැවසුවේය.

පළාත් පාලන මැතිවරණ ගැන සඳහනක් නැහැ
හිටපු හමුදාපතිවරයා නිදහස් කල අවස්ථාවේදී ඔහුගේ නීතිඥ නලින් ලද්දුහෙට්ටි Gossip9 ට පැවසුවේ ජනාධිපති සමාව ලබාදුන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමෙන් පසු බවයි.

නමුත් මෙලෙස සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකශ කිරීමත් සමග ඔහුට ප්‍රජා අයතිය ඇත්දැයි මාධ්‍යවේදීහු ඊයේ පැවති රජයේ මාධ්‍ය සාකච්චාවේ දී රජයෙන් ප්‍රශ්ණ කළහ.

මේ පිළිබඳව සාකච්චාවට පැමිණ සිටි අමාත්‍යවරුන් නිශ්චිත පිළිතුරක් ලබා නොදුන් අතර අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අධිකරණයේ තීන්දුව අදාළ අංශ වලට නිසි ආකාරයෙන් සන්න්විදෙනය වියයුතු බවත් එලෙස නිසි ආකාරයෙන් සන්නිවේදනය වුවාද නොවුවාද යන්න තමන් නොදන්නා බවත්ය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පැවසුවේ අපරාධයක් සම්බන්ධයෙන් මාස 6 ක සිර දඬුවම් ලැබූ අය පිළිබඳව මැතිවරණ පනතේ ඇති සදහනේ පළාත් සභා හා පළාත් පාලන ආයතන පිලිබදව සදහනක් නොමැති බවයි.

විවාදාත්මකයි
ජනාධිපතිවරණයේදී ඔහුට ජන්දය පාවිච්චිකරන්න බැහැ. දඩුවමකට යටත් වෙලා තියෙනව නම් ඔහුට ජනාධිපතිවරණයකදී , පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ජන්දය ප්‍රකාශ කරන්න බැහැ කියල තමයි පනතේ තියනවා කියල දෙපාර්තමේන්තුව කිව්වේ. ඒ පනතේ පළාත් පාලන ආයතන හෝ පළාත් සභා පිළිබඳව කිසිදු සදහනක් නැහැ. මේක විවාදාත්මකය යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

සරත් ෆොන්සේකා ඉදිරි ජන්දයකදී තරග කිරීමට ඉදිරිපත්වීම තමන්ට අභියෝගයක් නොවන බව පැවසූ අමාත්‍යවරු දෙදෙන ඔහුට ජන්දය ප්‍රකශ කිරීමට හැකිවීම ගැන සුභපතන බවද පැවසුහ.

මේ අතර මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ සරත් ෆොන්සේකාට ප්‍රජා අයිතිය තිබේද, නැතිනම් එය අහෝසිද යන්න තීරණය කල යුත්තේ තමන් නොවන බවයි.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් පැවසුවේ සරත් ෆොන්සේකාට ජන්ද අයතිය තිබේද නැද්ද යන්න තීරණය කල යුත්තේ අධිකරණ අමාත්යංශය හෝ නීතිපති දෙපාර්තමේන්තුව බවයි.

විරෝධයට කල් දී තිබුණා
ජන්ද හිමි නම ලේඛනයට ග්‍රාම සේවක හරහා නමක් සහතික කරලා අවම, අපි ඒක මාසයක් ප්‍රදර්ශනය කරනවා. කාටත් පුළුවන් විරෝධතාවයක් තියෙනවනම් දක්වන්න අහවල් එක්කෙනා නුසුදුසුය් කියලා, එතකොට ජන්දය දෙන ස්ථානයේ ඉන්න පක්ෂ නියෝජිතයන්ටත් විරෝධතාවයක් දක්වන්න පුළුවන්, එහෙම විරෝධයක් ආවේ නැත්නම් එයාට ජන්දය ප්‍රකාශ කරන්න ලැබෙනවා යනුවෙන් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.

ඉදිරි මැතිවරණයකදී සරත් ෆොන්සේකා තරග කිරීමට නාමයෝජනා බාරදුනහොත් එය පිළිගන්නවාදැයි විමසු විට නියෝජය් මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ඒ පිළිබඳව තමන්ට මේ මොහොතේ කිසිවක් ප්‍රකශ කළ නොහැකි බවයි.

කොන්දේසි විරහිත සමාවක්ද?
නීතිඥයකු වන නාමල් රාජපක්ෂ පවසන්නේ හිටපු හමුධාපති සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකශ කිරීම මගින් ඔප්පුවන්නේ ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා නිදහස් කිරීමේදී ඔහුට කොන්දේසි විරහිත සමාවක් දී ඇති බවයි.

සරත් ෆොන්සේකාට ඉදිරි මැතිවරණයට තරග කල හැකි බව නාමල් රාජපක්ෂ පැවසුවත් නීතිඥ ගෝමින් දයාසිරි පවසන්නේ සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහිමි කර ඇති බැවින් මැතිවරණ වලදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට නොහැකි වුවත් පුරවැසියකු ලෙස ඔහුට ඡන්දය භාවිත කිරීමේ හිමිකම ලැබෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad