ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට - GOSSIP9.WORLD

Post Top Ad

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට

Share This
ඩකා අගනුවර පැවැත්වුන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු පූර්ව අවසාන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කණ්ඩායම තරඟ වදිමින් සිටියදී, ඇද වැටුන මහා වර්ෂාව නිසා තරඟය අතරමග නතර කිරීමට සිදු වූ අතර,ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළ බව නිවේදනය කෙරිණ.

තරඟය අත්හැර දමනු ලැබුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ළකුණු විසි හතකින් ජයගත් ලෙස තීන්දු විය. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසු කම් ලබයි.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ සියලු උපක්‍රම පිළිබඳව අවබෝධයෙන් සිටින බවත්, අද පැවැත්වෙන තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිල සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා තරඟය ආරම්භ කිරීමට පෙර සංදේශයට කියා සිටියේය.

" අපි ලෑස්තියි, කවුරු පන්දු යැව්වත් කවුරු පන්දුවට පහර දුන්නත් අපි ලෑස්තියි. ඒ වෙලාවට අපි ළඟ සැළසුම් තියෙනවා " මයිකල් ද සොයිසා පැවසීය.

වැස්සෙන් බාධා
අද පැවැත්වුන තරඟයට දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ක්‍රීඩා නොකළ අතර කණ්ඩායම් නායකත්වය දරන ලද්දේ ලසිත් මාලිංග විසිනි.

ඩකා අගනුවර මීර්පූර් ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශ් වේලාවෙන් සවස හතටයි තරඟය ආරම්භ කෙරුණේ.

කණ්ඩායම් දෙකම මුල් පෙළේ පිති කරුවන්ගෙන් සහ පන්දු යවන්නන්ගෙන් සමන්විත වූ අතර වර්ෂාව ආරම්භ වෙන තෙක්ම ඉතා උණුසුම් තරඟයක් පැවතුණි.

මෙම තරඟාවලියේ දෙවන අවසාන පූර්ව තරඟය හෙට සිකුරාදා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතරයි පැවැත්වෙන්නේ.

එම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමයි,ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad