ඡන්දයෙන් පැරදුණු රේණුකට ආණ්ඩු‍වේ ලොකු පුටුවක් - GOSSIP9.WORLD

Post Top Ad

ඡන්දයෙන් පැරදුණු රේණුකට ආණ්ඩු‍වේ ලොකු පුටුවක්

Share This
පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් ආණ්ඩු පක්ෂ සන්ධානයේ අපේක්ෂකයින් පිරිසකට රජයේ ආයතනවල ඉහළ තනතුරු පිරිනැමීමට යන බවට පළවූ පුවත සනාථ කරමින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය නිකුත්කළ නිවේදනකයක දැක්වෙන්නේ, ජනාධිපතිතුමාගේ නිර්දේශය මත අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම සිදුකරනු ලැබ ඇති බව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන රේණුක පෙරේරා මහතා බස්නාහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය. එහෙත් ඔහු මෙවර මැතිවරණයේදී පරාජයට පත් පිය.

ඡන්දයෙන් පැරදුණු අපේක්ෂකයින් පිරිසක් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව, ඉදිරියේදී තවත් පිරිසකට මෙසේ තනතුරු ලබාදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad