රත්නපුර කුරුවිට ප්රදේශයේ මාර්ගයක් අඩි 10ක් පමණ පළලට හා අඩි 4ක් පමණ ගැඹුරට අද (13) අළුයම ගිලා බැසීම නිසා මේ වන විට පාර වසා දමා තිබේ.
මෙය සිදුව ඇත්තේ පාර යටින් මැණික් පතල්වල දෝනා කැපීම හේතුවෙන් බවත් මීට පෙර මෙම ප්රදේශයේ මැණික් ගැරීම තහනම් කර තිබූ බවත් ප්රදේශවාසීහු කියති.
රත්නපුර-කොළඹ සහ රත්නපුර-පානදුර ප්රධාන මහාමාර්ග දෙක යා කරන කුරුවිට පාතගම අතුරු පාර, ගෝනපිටිය - තිරිවනාගල්ගොඩැල්ල ප්රදේශයේදී මෙසේ ගිලා බැස තිබේ.
පළාත් සභාවට අයත් පාරක සිට මැණික් පතලකට අඩි තිස් තුනක රක්ෂිත භූමියක් පැවතිය යුතු නමුත් එම නීති නොතකා බලපත්ර ලබාදී ඇතැයිද බලපත්ර සහිත මැණික් පතල් කරුවන් එම රක්ෂිත සීමාව නොතකා කටයුතු කරන බවත් ප්රදේශවාසීහු පවසති.
ඊයේ (12) උදය වරුවේ පාරේ කුඩා කොටසක් පළමුවෙන් කඩා වැටුන අතර, පතල් කරුවන් එම හානිය පස් දමා වසා දැමූ නමුත් සවස ඇද හැළුණු වර්ෂාවත් සමඟ පාර සම්පුර්ණයෙන්ම කඩා වැවී තිබේ.
ප්රාදේශීය දේශපාලඥයින් මේ සඳහා හවුල් වී ඇති බවද ප්රදේශවාසීහු ඔවූහු වැඩිදුරටත් චෝදනා කරති.

No comments:
Post a Comment