එජාපය මැයි දිනය රැගෙන අම්පාරට යයි; ජවිපෙන් උද්ඝෝෂණ මැයි දිනයක් - GOSSIP9.WORLD

Post Top Ad

එජාපය මැයි දිනය රැගෙන අම්පාරට යයි; ජවිපෙන් උද්ඝෝෂණ මැයි දිනයක්

Share This
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය අම්පාරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එයට ප‍්‍රධාන හේතුව මැයි දිනය සඳහා සියලූ වියදම් දයා ගමගේ විසින් දැරීමට එකඟතාවය පළකිරීම බව වාර්තා වේ. 

එක්සත් ජාතික පක්ෂයේ මතුවී ඇති නායකත්ව අර්බුදය නිසා මේ වනවිට සාමාජිකයින් විශාල ප‍්‍රමාණයක් නිහඩවී ඇති අතර ඔවුන් විසින් පක්ෂයට කරන ආධාරද අඩුවීම නිසා දේශපාලන කටයුතුවලට මුදල් සොයාගැනීමේ අර්බුදයකට එජාය මුහුණ දී ඇති බවද දැන ගන්නට ලැබේ. 

තතු මෙසේ තිබියදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස් සංචාරයකට සහභාගී වී සිටියි. මේ අතර ආණ්ඩුවේ මැයි දින පෙළපාලිය නෙළුම්පොකුණ අසලින් ආරම්භ කිරීමට නියමිත අතර රැලිය කැම්බල් පිටියේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණ (JVP) මේ දිනවල සාර්ථක මැයි දින සැමරුමක් සංවිධානය කරමින් සිටී. ජවිපෙ මැයි දිනය මෙවරත් කොළඹ බී.ආර්.සී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර පෙළපාලිය දවල් 12.00ට දෙහිවලින් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. 

මෙවරත් ජවිපෙ දැවැන්ත වේදිකාවක් නිර්මාණය කරමින් සිටින අතර දේශපාලනය ප‍්‍රහසනය රැගත් නිර්මාණ රැසක්ද ජවිපෙ සාමාජිකයින් විසින් ඉදිකරමින් සිටී. මෙවර මැයි දින පෙළපාලිය ජනතා ප‍්‍රශ්න පදනම් කරගත් උද්ඝෝෂණීය ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad