ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාවේ තානාපති කරයි - GOSSIP9.WORLD

Post Top Ad

ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාවේ තානාපති කරයි

Share This
ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ප‍්‍රසාද් කාරියවසම් මහතා අමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගෝ මහතා කියා සිටියි.

ඉන්දියාවේ නව ශී‍්‍ර ලංකා මහකොමසාරිස්වරයා ලෙස මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා නම්කර ඇත.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතා ජර්මනියේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස නම්කර තිබේ.

ජර්මනියේ හිටපු තානාපති සරත් කෝන්ගහගේ මහතා දකුණු අපි‍්‍රකාවේ නව ශී‍්‍ර ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට යයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන් එම තනතුරුවල වැඩ භාර ගනු ඇති බව සත්‍යා රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad