මීගමුව දෙවන රන් කොල්ලයේ මහමොළකරු හෙළිවේ ! - GOSSIP9.WORLD

Post Top Ad

මීගමුව දෙවන රන් කොල්ලයේ මහමොළකරු හෙළිවේ !

Share This
Update 04:40pm
මංකොල්ලය සිදුවූ දා මීගමුව පොලිසියට නිවාඩුද ?

පසුගිය 17 වැනිදා රාත්‍රියේ පුෂ්පා ජුවලරි ආයතනයේ මංකොල්ල සිදුකරන ලද අවස්ථාවේ නගරයේ කිසිදු වීදියක පොලිසිය නොසිටි බවට ව්‍යපාරිකයන් මෙන්ම මහජනයාද චෝදනා කරති.

මෙම මංකොල්ලයට හරියටම මාස 2කට පෙර, ‍පෙබරවාරි 17 වනදා ජුවෙල් ලංකා මංකොල්ලයෙන් පසුව වුවද මීගමුව නගරය තුළ සැලැසුම්ගත ආරක්ෂිත වැඩපිළිවෙළක් නොතිබුණ බවද ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

විශේෂයෙන්ම අප්‍රේල් 17 වෙනිදා යනු ගෙවෙමින් ඇති උත්සව සමය මෙන්ම මහබ්‍රහස්පතින්දා දින දිව්‍ය පුජාවන් සදහා දහස් ගණන් කිතුණුවන් ගැවසෙන දිනකි. එහෙත් නගරයේ ප්‍රධාන ස්ථාන කිසිවක එකදු පොලිස් නිලධාරියෙකු හෝ සිට නැත. එපමණක් නොව මංකොල්ල සිදුවු ස්ථානයට පොලිසිය පැමිණ තිබුණේ මාධ්‍යකරුවන් පවා එහි ළගාවීමෙන් පසුව ය.

විශේෂයෙන්ම මීගමුව පොලිස් අධිකාරි බලප්‍රදේශය තුළ පසුගිය මාස 2 තුල ප්‍රධාන මංකොල්ල කෑම් 4 ක් සිදුව ඇත. ඉන් පසුවවත් ප්‍රමාණවත් රාත්‍රි මුර සංචාර හෝ ප්‍රධාන මංසන්ධිවල පොලිස් මුරකාවල් ද නැත .

නිසි ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක නොවිම ගැන දැන් පොලිසියේ ඇතැමුන් එකිනෙකා වෙත ඇඟිල්ල දිගුකරගන්නා තත්වයක් මතුව ඇති බවද වාර්තා වේ.

‘ආරක්ෂාව තර කරනවා’
මේ අතර, මීගමුව නගරයට ලබාදී ඇති ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.

මීගමුව නග‍රයේ ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්, ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, දේශපාලඥයින් ඇතුළු මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19) ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී පැවැත්විණි.

මීගමුව නගරය සහ මීගමුව සංචාරක කලාපය තුළ ගිනි අවි සහිතව පොලිස් නිලධාරින් ආරක්ෂක කටයුතු වල යෙදවීමට තීරණය කර අැතැයි මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කර ඇත.
---------------------------------------------------------------------------------------------------------------------------------
Before the Update 1:15pm (Original Content)
මීගමුවේදි සිදුවු මංකොල්ල පිලිබදව CCTV කැමරා පද්ධතිවල සටහන්ව ඇති රූපරාමු මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරිමත් සමගින් බොහෝ දෙනෙකු විසින් මහත් කුතුහලයෙන් විමසා සිටි පැනයක් විය.

එනම් මංකොල්ලකරුවන් අවිඅමෝරාගෙන සිටියදිම රතු හැදගත් හැඩිදැඩි පෙනුමක් ඇති අයෙක් පුෂ්පා රන්ආභරණ හල වෙත පැමිණේ, එහෙත් සන්නද්ධ මංකොල්ලකරුවන් ඔහුට කිසිවක් කරන්නේ නැත.

මේ පුද්ගලයා කව්දැයි මීගමුවේ ඊයේ පැවති ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ හමුවේදි පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ රතු ටිෂර්ටයක් ඇද ඇතුලට පැමිණෙන පුද්ගලයා මංකොල්ලකරුවන්ගේ කල්ලියේ අයෙකු වියහැකි බවට පොලිසිය සැකකරන බවත් ඔහු පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනිම සදහා සියළු දෙනාගේ සහය පොලිසිය බලාපොරොත්තු වන බවත්ය.

මීගමුවේ පිහිටි පැරණි හා ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සලක් වු පුෂ්පා ජුවලරි ආයතනය කොල්ල කෑම සිදුවුයේ අප්‍රේල් 17 වෙනිදා රාත්‍රි 7.35 ට පමණය.

මීගමුව නගරයේ පසුගිය සමයේ සිදුකර ඇති ආන්දෝලනාත්මක මංකොල්ල දෙකම සිදුකර ඇත්තේ 17 වෙනිදාවක විම විශේෂත්වයකි. ජුවෙල් ලංකා ආයතනයේ මංකොල්ලය සිදුකෙරුනේ 2014 පෙබරවාරි 17 වෙනිදා දවල් 1.30 පමණය.

පුෂ්පා ජුවලරි ආයතනයේ මංකොල්ල සිදුකරන ලද අවස්ථාවේ නගරයේ කිසිදු වීදියක පොලිසිය නොසිටි බවට ව්‍යපාරිකයන් මෙන්ම මහජනයාද චෝදනා කරති.

2014 පෙබරවාරි 17 වනදා ජුවෙල් ලංකා මංකොල්ලයෙන් පසුව වුවද මීගමුව නගරය තුල සැලැසුම්ගත ආරක්ෂිත වැඩපිළිවෙලක් නොතිබුණ බවද ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

එම අවස්ථාවේ CCTV වීඩියෝව 

No comments:

Post a Comment

Post Bottom Ad