ඝෝටාභය ශ්‍රී පාදයටත් බැල්ම හෙලයි - GOSSIP9.WORLD

Post Top Ad

ඝෝටාභය ශ්‍රී පාදයටත් බැල්ම හෙලයි

Share This
ශ්‍රී පාද අඩවියේ අක්කර 99ක භූමි ප්‍රමාණයක් පූජා භූමියක් ලෙස නම් කොට සංවර්ධනය කිරිම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කොට ඇති බව සොබා දහම අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

මෙතෙක් ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය, 1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබීම හේතුවෙනි.

එහෙත් මෙය පූජා භූමියක් ලෙස නම් කිරීම යටතේ බැතිමතුන්ට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී පාදය දක්වා ගමන් කරන මාර්ගයේ දෙපස එලි පෙහෙලි කිරීමට අදාල අමාත්‍යංයන්ට අවසරය හිමි වන අතර නවාතැන් පහසුකම් ගැනීම සදහා ගොඩනැගිලි ඉදිකිරීම හා ගමන් කිරීම සදහා දියුණු මාර්ග ඉදිවීමද සිදුවේ.

එමෙන්ම පරිසර සංවිධාන මැදිහත් වීමෙන් හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය නැවත නව ආරකින් සක්‍රීය කිරීමටද මෙමගින් අවස්ථාව සැළසෙන බවද කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස පූජා භුමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපත් කොට ඇති අමාත්‍ය මණ්ඩය සංදේශය මගින් ඉල්ලා ඇත.

කෙසේවෙතත් ආගම් බේදයකින් තොරව පුද පූජා ලබන මෙම ශ්‍රී පාදස්ථානය පිහිටි රක්ෂිතය බේරා ගැනීමට සෑම සියලු දෙනා ආගම් බේදයකින් තොරව එක්‌විය යුතු බවද කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad