[DEHI NEWS] බොදු බලයේ පිළිවෙත බුදු දහමට පටහැනියි - බද්දේගම සමිත හිමි - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] බොදු බලයේ පිළිවෙත බුදු දහමට පටහැනියි - බද්දේගම සමිත හිමි

Share This
භික්ෂූන් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදිය යුතු බවට මතයක් ගොඩනැගීමට හේතු වී ඇත්තේ බොදු බල සේනාව ඇතුළු භික්ෂු සංවිිධානවල කලහකාරී හැසිරීම බව, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ පවසති.

ඔවුන් කටයුතු කරන්නේ ද්වේශයෙන්, වෛරයෙන්, විරුද්ධවාදීන්ට තර්ජනය කරමින්, පහරදෙමින් බවත්, මෙම භික්ෂූන්ගේ ක්‍රියාකලාපය බුදු දහමට කිසිසේත්ම නොගැළපෙන බවත් පවසන සමිත හිමියෝ, බුදුන් වහන්සේ කිසි දිනෙක විරුද්ධ මත දරන අයට පහරදීමට හෝ හෙළාදැකීමට උගන්වා නැති බවද පෙන්වා දෙති.

තම දේශපාලනය, මේ පිරිසගේ දේශපාලනයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවද සමිත හිමි පවසයි. සමිත හිමියන් මේ බව පවන්නේ ලක්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.


භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතු බවට තමන් වහන්සේ නියෝජනය කරන සියම් නිකායේ මල්වතු පාර්ශ්වය තීරණයක් ගතහොත් එම තීරණයට ගරු කොට දේශපාලනයෙන් ඉවත් වන බවද, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පවසා තිබේ.

එසේ වුවද දශක ගණනාවක් ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු තමන්ට දේශපාලයේ නොයෙදෙන ලෙස සියම් නිකායේ මල්වතු පාර්ශ්වය හෝ කිසිදු ආයතනයකින් කියා නැති බවත්, මීට කලකට ඉහතදීත් ඔවැනි ප්‍රශ්නයක් උද්ගත වූ විට මල්වතු පාර්ශ්වයේ අදහස වූයේ, තමන් වහන්සේ කිසි විටෙක භික්ෂු සම්ප්‍රදායක් කඩ කරමින් හා භික්ෂුත්වයට නොගැළපෙන ලෙස දේශපාලනය නොකළ බව යැයිද සමිත හිමියෝ පවසති.

නිකාය විසින් තීරණයක් ගතහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට, ක්‍රියාකාරී දේශපානයේ නිරත භික්ෂූන් වහන්සේ නමක විසින් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වේ.

තම නිකායට අයත් භික්ෂූන්ට දේශපාලයේ යෙදීම තහනම් බවට අමරපුර සිරි සද්ධම්ම වංශික නිකාය විසින් පළමු වරට ඓතිහාසික තීන්දුවක් ගනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන එම නිකායට අයත් අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධුරය පිළිබදව ප්‍රශ්නයක් මතු වූ අතර, උන්වහන්සේ මේ දක්වාම ඒ පිළිබදව තම ස්ථාවරය ප්‍රකාශ කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad