[DEHI NEWS] ආසියාවේ 34 වැනි බලවතා අපේ ජනපති - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] ආසියාවේ 34 වැනි බලවතා අපේ ජනපති

Share This
2014 වසරේ ආසියාවේ බලවත්ම පුද්ගලයින් සිය දෙනා අතරට එක්වීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්ව සිටිනවා. ද ඉකනොමික්ස් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ආසියාවේ බලවතුන් සිය දෙනා අතර 34 වැනි ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිව ඇති බවයි. 

ආසියාවේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක බලවතුන් අතරින් මෙම සිය දෙනා තෝරාගෙන තිබෙනවා.

ලැයිස්තුවේ පළමු බලවතා ලෙස තේරීපත්ව සිටින්නේ චීන ජනාධිපති ශි ජින් පින්ග් මහතායි. චීන සහ ඉන්දීය ජාතිකයින් වැඩි පිරිසක් මෙම සිය දෙනාගේ නාම ලේඛනයට අයත් වනවා. ඒ අනුව චීන අග‍්‍රාමාත්‍යවරයා තුන්වැනි ස්ථානයත්, භාරතීය ජනතා පක්‍ෂයේ අග‍්‍රාමාත්‍යධූර අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි සිව්වැනි ස්ථානයටත් පත්ව සිටිනවා. 


ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂයේ නායක රාහුල් ගාන්ධි එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට තේරීපත්ව සිටින අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිංට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් 08 වැනි ස්ථානයටත් ජපාන අග‍්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා පිළිවෙලින් 09 වැනි සහ 10 වැනි ස්ථානවලටත් පත්ව සිටිනවා.ඉන්දීය නළු අමිතාබ් භච්චන් 63 වැනි ස්ථානයටත් රැුජිණි කාන්ත් 66 වැනි ස්ථානයටත් සහ අමීර් ඛාන් 68 සහ ඓශ්චර්යා රායි 84 වැනි ස්ථානයත් හිමිකර ගෙන සිටිනවා. ක‍්‍රීඩකයින් අතරින් සචින් ටෙන්ඩූල්කාර් 76 වැනි ස්ථානයේ සහ මහේන්ද්‍ර සිං දෝනි 99 වැනි ස්ථානයත් හිමිකර ගෙන ඇති බවයි ද ඉකනොමික්ස් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ්.

No comments:

Post a Comment

Post Bottom Ad