අංගොඩදී සනීප වූ 450ක් බාරගන්න කිසිවෙකු නෑ - GOSSIP9.WORLD

Post Top Ad

අංගොඩදී සනීප වූ 450ක් බාරගන්න කිසිවෙකු නෑ

Share This
මානසික රෝග නිසා අංගොඩ මානසික රෝහලට ඇතුළු කර ඉන් සුවය ලැබූ 450 දෙනෙකුට පමණ සිය භාරකරුවන් හා ඥාතීන් නොපැමිණීම නිසා දීර්ඝ කාලයක් තිස්සේ රෝහලේම රැඳී සිටීමට සිදුව ඇත.

අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක් මුළුල්ලේම සිය ඥාතීන් සහ භාරකරුවන් නොපැමිණෙන නිසා මේ අයට රෝහලේම රැඳී සිටීමට සිදුව ඇති බව පෙන්වා දෙන අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය මේ අය අතරින් 225 ක් නිට්ටාවටම සුවය ලබා සිටින බවද පවසයි.

රෝගීන්ගෙන් භාරකරුවන් සහ ඥාතීන් බොහෝ දෙනෙකු රෝහලට ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපින සහ දුරකථන අංක ඇතුළු තොරතුරු බවත් ඇතැම් පිරිස් මේ රෝගීන්ගේ ඉඩම් සහ නිවාස ඇතුළු දේපොළ විකුණා විදේශ ගත වී ඇති අතර තවත් අය මිය ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී හෙළි වූ බව මානසික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad