බටහිරයෝ හදන්නේ මේ රට නැවත ලේ විලක් කරන්නයි - GOSSIP9.WORLD

Post Top Ad

බටහිරයෝ හදන්නේ මේ රට නැවත ලේ විලක් කරන්නයි

Share This
" බටහිර බලවතුන්ට අවශ්‍ය නැවතවරක් මේ රට ලේ විලක් බවට පත් කිරීමට යැයිද එසේ කටයුතු කිරීමෙන් තමන් සිදු කරන්නේ දරුණු අපරාධයක් බවට ඔවුන්ට අවබෝධය ලැබේවායි’ පතන්නේ යැයිද කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවේනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ ‘යටත් නොවෙමු. – හිස නොනමමු.’ " – අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාවට සහභාගී වූ පිරිසට අනුශාසනාවක් කරමින් පැවසූහ.

ජිනීවාහි ජාත්‍යන්තර පීඩනයට සාර්ථකව මුහුණදීම සඳහා රජයට ධෛර්ය ප‍්‍රාර්ථනය කිරීමේ සහ ජනාධිපතිතුමාටත්, රටටත් සෙත් පැතීමේ මෙම මහා අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාව ‘යටත් නොවෙමු. – හිස නොනමමු’ යන තේමාව යටතේ ඊයේ(25) සවස කොළඹ 07, ටොරින්ටන් චතුරශ‍්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ මෙසේද පැවසූහ.

" ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදය ලෙස සැලකුණු කොටි ත‍්‍රස්තවාදය වසර 30ක් තිස්සේ අපේ රටට, ජාතියට සිදු කළ මහා විනාශය වසර 03කටත් අඩු කාලයක් තුළ නතර කිරීම නිසා ලෝකයේ බලවත් ජාතීන් යැයි කියන අය ලැජ්ජාවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ රටවල තිබෙන ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න ඔවුනට අවසන් කිරීමට හැකියාවක් ලැබී නැහැ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ, මේ බලවත් ජාතීන් අපට ලෝකයේ බලවත්ම ත‍්‍රස්තවාදය ලෙස හඳුන්වා දුන් කොටි ත‍්‍රස්තවාදය වසර 03කට ආසන්න කාලයකදී පරාජය කිරීමට අපේ රණ විරුවන් සමත් වුණා. මේ බලවත් රටවලට අද අවශ්‍යව ඇත්තේ නැවත වරක් මේ රට ලේ විලක් බවට පත් කිරීමටයි.

උතුරු-නැගනහිර පළාත්වල ජනතාවගේ මානව හිමිකම් කඩ වූවා කියලා තමයි මේ බලවත් රටවල් ජිනීවාවල ශ‍්‍රී ලංකාවට එරෙහි වැඩපිළිවෙළක් අරඹලා තිබෙන්නේ. නමුත්, ‘අපේ රටේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ’ කියලා මඩකලපුව, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල ජනතාව පවා ඒ ජිනීවා වැඩපිළිවෙළට විරුද්ධව අද උද්ඝෝෂණ පවත්වමින් කියා සිටිනවා.


මානව හිමිකම් කඩ කළේ ජනාධිපතිතුමන් හෝ මේ ආණ්ඩුව නොවෙයි, එදා මහා සංඝරත්නය කෑලි, කෑලි කපා මරා දමපු, ඒ ආකාරයටම තමන්ට විරුද්ධ අදහස් දරපු පිරිස් කුරිරු අයුරින් මරා දමපු, කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් පෙති ගසා මරා දමපු ත‍්‍රස්තවාදීන් විසින් බව අපි අද මේ මහා අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාව තුළින් බටහිර බලවතුන්ට පෙන්වා දීමට සූදානම්.


එදා අපේ රණවිරුවන් උතුරු-නැෙගනහිර ප‍්‍රදේශවල දමිල හා මුස්ලිම් ජනතාව ත‍්‍රස්තවාදීන්ගෙන් රැක ගැනීමට බොහෝ සෙයින් කැප වුණා. බිහිසුණු යුද සමයේ අපේ රණවිරුවන් රෝගීන්, වයසක තැනැත්තන් තම කර මත තබා ගෙන තමයි එදා ආරක්‍ෂිත තැන්වලට රැගෙන ගියේ. ගැබිණි මාතාවන්, කුඩා දරුවන් සම්බන්ධයෙනුත් ඒ ආකාරයටම උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් යුක්තවයි කටයුතු කළේ. මේ සියල්ල සිදු වුණේ සේනාධිනායක, ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත. මේ ආකාරයට දමිළ ජනතාවගේ මානව අයිතීන් රැක දෙන්න කටයුතු කළ ජනාධිපතිතුමන් හා රණවිරුවන්ටයි අද ජිනීවාවලදී මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව එල්ල වන්නේ.


මෙවැනි අසත්‍ය චෝදනා නගන බලවත් රටවල් ජිනීවාහි ක‍්‍රියාත්මක කරන අපේ රටට එරෙහි වැඩපිළිවෙළවල් අහෝසි වී ඔවුන් සිදු කරන ඒ බලවත් අපරාධය පිළබඳව ඔවුන්ට අවබෝධය, වැටහීම ලැබේවායි අපි මේ අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාව තුළින් පෙන්වා දෙමු.


අද මේ රටේ සියලූ ජාතීන්ට, ආගම්වලට අපගේ ජනතාව සමගි සම්පන්නව ජීවත් වෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් සාමය, ජාතික සමගිය නැති කිරීමයි මේ බලවතුන්ගේ අරමුණ. ඒ පවිටු අරමුණ දුරීන්භූත වේවායි නිදහස් මන්දිරයට රැස්ව සිටින බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, පූජකතුමන්ලා හා දෑහිතකාමී ජනතාව ලෙස අපි අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාවේ නිරත විය යුතුව තිබෙනවා. "

No comments:

Post a Comment

Post Bottom Ad