ජිනීවා අර්බුදයෙන් ගැලවෙන හැටි රනිල් කියයි - GOSSIP9.WORLD

Post Top Ad

ජිනීවා අර්බුදයෙන් ගැලවෙන හැටි රනිල් කියයි

Share This
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධනය ක්‍රියාවට නංවන්නේ නම් ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් එල්ල වී ඇති චෝදනාවලින් මිදීමට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය රජය වෙත ලබාදීමට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාකච්ඡාවකට සූදානම් බව දන්වන්නේ නම් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඊට සහභාගි කරවීමේ සම්බන්ධීකරණය තමා විසින් සිදුකරන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධනය රජය විසින් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජිනීවා මානව හිමිකම් සමුළුවේ ප්‍රධාන ඉල්ලීම බවත් එවැනි පසුබිමක්‌ තුළ රජය තවදුරටත් නිහඬව සිටීමෙන් අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධව දිවයින ඉරිදා සංග්‍රහය විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසුමකදී තවදුරටත් පවසා ඇත්තේ, තමා මෙම යෝජනාව රජය වෙත ඉදිරිපත් කරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් මිස එල්ලවී ඇති චෝදනාවලින් ආණ්‌ඩුව ආරක්‌ෂා කර ගැනීමට නොවන බවයි.

ජාත්‍යන්තර වශයෙන් රටට එරෙහිව කුමන හෝ චෝදනාවක්‌ එල්ල වෙනවා නම් ඊට එරෙහිව ඕනෑම අවස්‌ථාවක ක්‍රියාකිරීමට තමා ඇතුළු විපක්‍ෂය සූදානම් බව ද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් රජය සිය යෝජනා සම්බන්ධව සාකච්ඡා කිරීමට සූදානම් නම් එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්‍ෂයේ සෙසු පක්‍ෂ සහභාගි කරවන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad