ප්‍රවීන් සහ රුකී නිදහස් කෙරේ - GOSSIP9.WORLD

Post Top Ad

ප්‍රවීන් සහ රුකී නිදහස් කෙරේ

Share This
පසුගිය 16 දා කිලිනොච්චියේදී අත් අඩංගුවට ගත් ප්‍රවීන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනා ඊයේ රාත්‍රී මහෙස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් පසු කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කර ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර මහතා Gossip9 වෙත පැවසිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගත් මෙම මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනා නිදහස් කරන ලෙසට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් රාජපක්ෂ ආණ්ඩුව වෙත එල්ල වින.

පොලිස් අත් අඩංගුවේ තබා ගත හැකි පැය 48 ක කාලය ඉක්ම යෑමෙන් පසුව ආරක්ෂක ලේකම්ගේ නියෝග මත දින 90 ක රඳවා ගැනීමේ නියෝගයක් ලබා නොගත හොත් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතුය. 

ඒ අනුව පැය 48 කාලය ඉක්ම යනවාත් සමග දෙදෙනා මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගොස් ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කර තිබේ.

ඔවුන් අත් අඩංගුවට ගත් පැය 48 ක කාලය පුරා පවුලේ කිසිවෙකුට හෝ නීතිඥවරයෙකුට හෝ බැලීමට ඉඩ ලබා දී නැත. මොවුන් නිදහස් කරන්නැයි ඉල්ලා අද දවල් කොළඹ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමටද සිවිල් සංවිධාන සූදානම්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad