වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොටින් - අඩුම කොළඹින් - GOSSIP9.WORLD

Post Top Ad

වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොටින් - අඩුම කොළඹින්

Share This
දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අද සෙනසුරාදා උදේ හතට ආරම්භ වූ ඡන්ද විමසීම්  සවස හතරට අවසන් විය.

සිය පළාත් සභා නියෝජිතයන් 155 ස් දෙනා තෝරා ගැනීමට මධ්‍යස්ථාන 4252 කදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදමුලන රාජපක්ෂ මහ විදුහලේදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ තර්ස්ටන් විදුහලේදීද ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිය ඡන්දය පාවිච්චි කළේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ පෙර පාසල් භූමියේදීය.

ඇතැම් ප්‍රදේශවලින් ගැටුම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයන් පවසති.

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්ද දායකයින් සිය ඡන්දය භාවිත කිරීම 50%-55%ත් අතර ප්‍රතිශතයක පැවැතිය බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පුවත්පත් සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය.

වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. අඩුම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙනි

ප්‍රතිශතය මෙසේය
හම්බන්තොට සියයට 61, මාතර සියයට 58, ගාල්ල සියයට 55, කොළඹ සියයට 49, ගම්පහ සියයට 57, කළුතර  සියයට 58 කි.

රාත්‍රී නවය වනවිට තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ඇතුළුව පළමු ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad