මට පහරදුන්නේ සීඅයිඩියේ උමේෂ් - අන්තරේ මාධ්‍ය ප්‍රකාශක - GOSSIP9.WORLD

Post Top Ad

මට පහරදුන්නේ සීඅයිඩියේ උමේෂ් - අන්තරේ මාධ්‍ය ප්‍රකාශක

Share This
තමාට පහර දුන්නේ සීඅයිඩියේ උමේෂ් නමැති නිලධාරියෙක් සහ ඔහු සමග පැමිණි පිරිසක් යැයි පෙරේදා සිසු උද්ඝෝෂණයෙන් පසු ඊයේ කොළඹදී පහර කෑමට ලක්වූ හරිත ලක්මාල් විජයදාස සිසුවා පවසයි.

ප්‍රහාරයට ලක්වූ හරිත ලක්මාල් සිසුවා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන අතර රුහුණු සරසවියේ ශිෂ්‍යයෙකි.

මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හරිත ලක්මාල් සිසුවා පවසන්නේ,  මෙකී උමේෂ් නමැති සීඅයිඩී නිලධාරියා තම නිවසට පැමිණ ඔහු සීඅයිඩී නිලධාරියෙක් බව කියමින් තමා ගැන තොරතුරු සොයා තිබූ බවයි.

ඉන්පසුව නිරන්තරයෙන් තමන් පසුපස තමන් යන යන තැන ඔත්තු බලමින් සිටි ඔහු තමා හඳුනාගත් අතර මීට පෙර දිනකදී තමා ගැන ඔත්තු බලන්නේ මන්දැයි කෙළින්ම ඔහුගේ මුහුණටම විමසූ බවත් ඒ ගැන ඔහු කෝප වූ බවත් කියා සිටියි.

තමා සහ තවත් සිසුවෙකු ඊයේ  මහජන බැංකු ප්‍රධාන කාර්යාලයට ගොස් එන අතරතුර දී ඉහත කී උමේෂ් නමැති සීඅයිඩී නිලධාරියා සහ පිරිසක් තමා වටකර ගත් අතර තමාට පැන දිවීමට අවස්ථාවක් නොදී එක්වරම පිරිස විසින් පහර දුන් බවත් තමාගේ පිටට පපුවට සහ හිසට පහර දුන් අතර ක්ලාන්ත ගතියක් ඇති වූ බවත් කියා සිටියි.

පෙරේදා  පැවැති සිසු උද්ඝෝෂණයේදී ද මෙකී නිලධාරියා ඔත්තු බලමින් පෙළපාලිය සමග සිටිනු තමා දුටු බවද හරිත ලක්මාල් සිසුවා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad