ජවිපෙන් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක් - GOSSIP9.WORLD

Post Top Ad

ජවිපෙන් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

Share This
ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීමේ වැඩපිළිවෙල අප්‍රේල් 01 වැනිදා සිට ආරම්භ කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මූලික වී කටයුතු කළ ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ගෙන ඒමට මූලික වී කටයුතු කරගෙන යයි.

මෙම පොදු අපේක්‍ෂකයා ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති වී මාස 6 ක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව එම පක්‍ෂය කියා සිටී.

එමෙන්ම ඔහු අධිකරණය, ජනමාධ්‍ය, පොලිසිය, රාජ්‍ය සේවය සහ මැතිවරණ කටයුතු ස්‌වාධීනව පවත්වාගෙන යැමට ද පියවර ගත යුතු බව ද ජනතා විමුක්‌ති පෙරමුණ පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad