ජවිපේ වීදි නාට්‍යය කණ්ඩායමට පහර දීලා - GOSSIP9.WORLD

Post Top Ad

ජවිපේ වීදි නාට්‍යය කණ්ඩායමට පහර දීලා

Share This
ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය විසින් පානදුර බස් නැවතුම්පොළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවත්වූ වීදිනාට්‍ය සංදර්ශනයකට කඩා වැදුනු ආණ්ඩුවේ මැර පිරිසක් කළ පහරදීමක් නිසා නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින්ද ජයතිස්ස මහතා කීවේය.

රංගනවේදීන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම වීදි නාට්‍ය ස්ථාන දෙකකදි රඟ දක්වා පසුව පානදුර පෞද්ගලික බස් නැවතුම් ‍පොළේ දි රඟ දක්වමින් සිටියදී යකඩ ‍පොලු රැගෙන පැමිණි 20 දෙනෙකුට වැඩි පිරිසක් විසින් පහරදීම කර තිබු බව ඒ මහතා පැවසීය.

මැර පිරිස ඉවක් බවක් නැතිව පහර දී තිබේ.

එහිදි යකඩ ‍පොලු ප්‍රහාරයෙන් ධර්මසිරි පෙරේරා, සමන්ත සිල්වා යන මහත්වරුන් සහ තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙන බව ජයතිස්ස මහතා මහතා කීය.

පහර දුන් පිරිස අතරේ පෞද්ගලික බස් නැවැතුම්‍ පොළේ ආරක්ෂකයින්, ටයිම් කීපර්වරුන් ද සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ‍පොලිසියට පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad