අපේ ප්‍රශ්න අපි බලාගන්නම්- මුස්ලිම්වරු ජිනීවා වලට එරෙහිව උද්ඝෝෂණයේ - GOSSIP9.WORLD

Post Top Ad

අපේ ප්‍රශ්න අපි බලාගන්නම්- මුස්ලිම්වරු ජිනීවා වලට එරෙහිව උද්ඝෝෂණයේ

Share This
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් මුස්ලිම් සංවිධානය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (26) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසල දී පැවැත්විණි.

ශ්‍රී ලාංකික සුළු ජාතීන්ට ප්‍රශ්න තිබුණත් ඒවා රට අභ්‍යන්තර මට්ටමින් විසඳා ගැනීමට හැකි බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම් අනවශ්‍ය බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.

මෙම විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට ආසන්න මුස්ලිම් ජාතිකයන් එක්ව සිටි අතර, ඇමෙරිකාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් දුම්රිය පොළ අසල පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදුණු ඔවුහු අනතුරුව පා ගමනින් කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලයට දෙසට ගමන් ගත්හ.

තව්හීඩ් ජමාත් මුස්ලිම් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික් කියා සිටියේ, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර රටවලට කිසිදු සුදුසුකමක් නොමැති බවයි.

අපේ රටේ නිදහසට, සංවර්ධනය බාධා පැමිණ වීමට උත්සාහ කරන විදේශ ආක්‍රමණ අපි අනුමත කරන්නේ නැහැ, අවසාන යුධ මෙහෙයුම කොටි සංවිධානයේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුමක් මිස දෙමළ ජනතාවට විරුද්ධ මෙහෙයුමක් නොවෙයි. මුස්ලිම් වරුන් හැටියට එම පණිවිඩය ලෝකයට දැනුම් දීම අපේ බලාපොරොත්තුවයි  මහලේකම් අබ්දුල් රසික් ප්‍රකාශ කළේය.

ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කර ඇති අවස්ථාවක, පසුගිය කාලයේ ලාංකික මුස්ලිම් වරුන්ට විවිධ හිරිහැර සිදු වන බවට හඬක් නැගූ ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් සංවිධානය, දැන් ඊට විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි විමසූ විට ඔහු මෙසේ පැවසීය.


ඒවා අපේ අභ්‍යන්තර ප්‍රශ්න! අපි ඒවා රජයත් සමග කතා කරල විසඳා ගන්නවා මිසක් විදේශ බලවේග ඒවාට ඇඟිලි ගැසීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ, අපේ ප්‍රශ්න අපට කතා කරල විසඳා ගන්න පුළුවන්. 

No comments:

Post a Comment

Post Bottom Ad