ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට - GOSSIP9.WORLD

Post Top Ad

ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

Share This
Update 10:32am
ජනපති ආසියානු කුසලානේ බැලු අයුරු 

7:50am
ලසිත්ගෙන් ලකුණු 56ට විකට් 7ක් 
තිරිමාන්නගෙන් ශතකයක් 

බංග්ලාදේශයේ මීර්පුර් ‘ෂෙයර් ඉ’ බංගලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වුන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු පහක් ද අතැතිව ලකුණු 261 ක් ලබාගනිමින් තරඟාවලිය ජයග්‍රහණයෙන් සමාප්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.

ආරම්භක පළමු ඉනිමේ විශේෂත්වය වුනේ පාකිස්තාන් කණ්ඩායමේ බිඳ වැටුන කඩුලු පහම ශ්‍රී ලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග විසින් දවා ලනු ලැබීමයි.

කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන් කණ්ඩායමේ නායක මිස්බුල් හක් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලසිත් මාලිංගට මුල් ඕවර් තුනේ දීම කඩුළු ලබාගත හැකි විය.

එහෙත් තරඟයේ අවසන් ඕවර කීපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාකිස්තාන් පිතිකරුවන්ගෙන් එල්ල කෙරුණ දැඩි අභියෝගයකට මුහූණ දීමට සිදු විය.

ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ඉතා උද්‍යෝගිමත් ලෙස කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින බවයි ‘ෂෙයර් ඉ ’ බංගලා ජාතික ක්‍රීඩාංගනයේ සිට කථා කළ ප්‍රියන්ත ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

අවසන් මහා තරඟයේ වීරයා හැටියට ලසිත් මාලිංග ද සමස්ත තරඟාවලියේ වීරයා හැටියට ලහිරු තිරුමාන්න ද නම් කරනු ලැබිණ.
ජනපති ප්‍රෙක්ෂකයෙක් වෙයි


තරගයේ වීරයා ලසිත් මාලිංග 5/56

සිය එක්දින දිවියේ සංගා ලකුණු නොලබා දැවි ගිය 14 වැනි අවස්ථාව 



තරගාවලියේ වීරයා ලහිරු තිරිමාන්න (තරග 5 ලකුණු 279)

ගුල් හා තිරිමාන්න අතර ඇතිවූ වචන හුවමාරුව

No comments:

Post a Comment

Post Bottom Ad