ෆොන්සේකා වෙනුවට අලුත් නායකයෙක් ? - GOSSIP9.WORLD

Post Top Ad

ෆොන්සේකා වෙනුවට අලුත් නායකයෙක් ?

Share This
සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව නායකයෙකු අවශ්‍ය වී තිබෙන බව පසුගියදා පක්ෂයෙන් ඉවත් වූ, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව සමරසිංහ මහතා ඊයේ (24) දින Gossip9 සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේය.

පක්ෂය තුළ දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යමින් තිබෙන නිසා කෝට්ටේ ආසන සංවිධායක නලින් රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් මෙම තීරණය ගන්නා ලද බව සංජීව මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම නව නායකත්වය ලැබිය යුත්තේ අනෝමා ෆොන්සේකා මහත්මිය හෝ ජයන්ත කැටගොඩ යන දෙදෙනාගෙන් එක් අයෙකුට බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයට නාම යෝජනා ලබා දීමට පෙරාතුව පක්ෂයේ නායකයා සහ ලේකම් විසින් මැතිවරණ අපේක්ෂකයන්ගෙන් එක්තරා රහස් ලියවිල්ලකට අත්සන් ගන්නා ලද බවත්, එම ලියවිල්ල මේ වනතෙක් කිසිවෙකුටත් පෙන්වා නොමැති බවත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් එකී ලියවිල්ලේ අන්තර්ගතය තමන් දන්නා බවත් සංජීව මහතා ප්‍රකාශ කළේය. වැඩි දුරටත් ඒ පිළිබදව අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

" එදා නාම යෝජනා අත්සන් කරන දවසේ අපෙන් රහසිගත ලියවිල්ලකට අත්සන් ගත්තා. ඒක ගිවිසුමක් කියලා අත්සන් කරගත්තෙ. කව්රුත් මේ ලියවිල්ල බලන්න ඕන කියලා කිව්වත් ෆොන්සේකා මහත්තයා ඒකට ඉඩ දුන් නෑ. ඊට පස්සෙ කට්ටිය අත්සන් නොකර හිටියම ඒ අය කළේ නාම යෝජනා දෙන්නෙ නෑ කියපු එක. ඒ වෙන කොට ආසන සංවිධාන කටයුතු වෙනුවෙන් ඒ අය විශාල ප්‍රමාණයක් මුදල් යොදවලා තිබුණ නිසා පසුව ඔවුන් ඒ ලියවිල්ල අත්සන් කරන්න කැමති වුණා. නමුත් ඒ ලියවිල්ලේ තියෙන්නේ මනාප වැඩිපුර ගත්තත් නායකයාගේ කැමැත්ත මත තමයි මන්ත්‍රීවරු පත් වෙන්නෙ කියලයි. ඒ හරහා ස්වයං ඉල්ලා අස් වීමේ ලිපියකට ඒ අය අත්සන් කරලා තියෙනවා නායකයා කැමති කෙනෙක් පත් කරගන්න ඉඩ දීලා "

No comments:

Post a Comment

Post Bottom Ad