කුඩු ජාවාරම නවත්වන්න, එක්සත් ජාතීන්ගේ සහාය ගත යුතුයි - GOSSIP9.WORLD

Post Top Ad

කුඩු ජාවාරම නවත්වන්න, එක්සත් ජාතීන්ගේ සහාය ගත යුතුයි

Share This
රාජපක්ෂ රෙජීමයේ කුඩු බලකාය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ කේන්ද්‍රස්ථානය කර ගනිමින් සිදුකරන මහා මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට නම් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දිය යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කෙළේ අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදී ය.

මෙතෙක් කාලයක් යුරෝපයට සහ ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගියේ ඇෆ්ගනිස්ථානය හරහා වෙනම මාර්ගයකින්. අග්නිදිග ආසියාව හරහා තවත් මාර්ගයකින්. දැන් ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ අලූත් කේන්ද්‍රස්ථානයක් ඇතිකර තිඛෙනවා. 

එය තමයි ශ්‍රී ලංකාව. පළමු වතාවට අග්නිදිග ආසියාවේ මත්ද්‍රව්‍යයි ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය වලින් කොටසකුයි ලංකාවට ඇවිත් ලංකාව හරහා ඇමරිකාවටයි යුරෝපයටයි යවනවා. නිල් බලකාය මෙන් කුඩු බලකායක් ඇතිකර රටේ දරුවන්ගේ අනාගතය නැති කරනවා.

අද කුඩු ගැන බලන්න එක්සත් ජාතීන්ගේ වෙනම ආයතනයක් තියෙනවා. එනම් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය. අපට සිද්ධ වෙනවා ඒකෙ ආධාර ගන්න. අග්නිදිග ආසියාවේ කුඩු නැගෙනහිරට එනවා. ලංකාවට ඇතුළු වෙන කුඩු සහ පිටවෙන කුඩු ඔක්කොම නවත්තන්න නම් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයට බාර දෙන්න වෙනවා. අපේ අයට බාර දුන්නහම වෙන දේ දන්නවනේ " යැයි විපක්ෂ නායකයා වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad