දැන් කුඩු කන්ටේනර් රහත් වෙනවා - GOSSIP9.WORLD

Post Top Ad

දැන් කුඩු කන්ටේනර් රහත් වෙනවා

Share This
" දැන් මේ රට ආසියා වේ කුඩු මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා. අසියාවේ ආශ්චර්ය හදනවා කියූ රාජපක්ෂ රෙජීමය ආසියාවේ මත් ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානය බවට මේ රට පත් කොට තිබෙනවා. ඊයෙත් කෝටි 36ක් වටිනා කුඩු තොගයක් අල්ල ගත්තා. හැබැයි කියන්න බෑ ඒ කන්ටේනරය කොයි වෙලාවේ රහත් වෙයිද කියලා. මොකද මීට පෙර අත්අඩංගුවට ගත් කුඩු කන්ටේනර් රහත් වෙලා. රාජපක්ෂ රෙජීමයේ විතරයි කුඩු රහත් වෙන්නේ මේක පුදුම තත්ත්වයක් " යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ  (08) ලෝක කාන්තා දිනය සමරමින් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැති අභිමන් මාතා උපහාර ප්‍රධානොත්සවයට  සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

" මේ කුඩු ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුව හමුවේ විවාදයක් ඉල්ලා සිටියා එහෙත් එය ලබාදීමට ආණ්ඩුව දිගින් දිගටම කර ඇරියා. එහෙම වෙන්නේ ඇයි කියලා දැන් පැහැදිලියි. කුඩුවලට මේ අය සම්බන්ධ නැත්නම් ඇයි ඒකට බය. විවාදයක් ලබාදෙන්න.

සුද්දගේ කාලෙත් මත්ද්‍රව්‍ය නතර කිරිමට කටයුතු කළා. ඉන් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවා එකේදිත් අපිට පුළුවන් වුනා මේ මත්ද්‍රව්‍ය නවත්වන්න.


කුඩු ගෙන්විම නවත්වන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාලෙත් නතර කළා. එහෙනම් ඇයි මහින්ද රාජපක්ෂගේ කාලේ ඒක නතර කරන්න බැරි ? එහෙම වෙන්නේ හේතුවක් නිසා. ඒ තමයි දැන් ලෝකයේ මත්ද්‍රව්‍ය වෙළදාමෙන් ඩොලර් බිලියන 80 පමණ හම්බකර ගන්නවා. රාජපක්ෂවරු කල්පනා කරන්නේ ඒ ඩොලර් බිලියන 80නුත් කොහොමද බිලියනයක්වත් තමන් අතට ගන්නේ කියලා. ඒ නිසයි බැරිවී තිබෙන්නේ.


මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ කුඩුයි අග්නිදිග ආසියාවේ කුඩුයි දෙකම ගෙන්වන රට බවට මේ රට පත්වෙලා තියෙනවා. ඇෆ්ගනිස්ථානය හරහා එන කුඩු කෙළින්ම වරාය හරහා කන්ටේනර් වලින් ගේනවා. එවා සමහරක් අල්ලනවා.දැන් රේගුවේ නිලධාරිනුත් බයයි මේ කන්ටේනර් අල්ලන්න. මොකද ඔවුන්ගේ ජොබ් එක නැතිවෙයි උසස් වීම් නැතිවෙයි කියලා බයට මීට අමතරව හම්බන්තොට ආශ්‍රිතවත්, උතුරේ ප්‍රදේශ කිහිපයකටත් එල්.ටී.ටී.ඊ. එකෙන් අල්ලගත්ත බෝට්ටුවලින් කුඩු ගොඩබානවා. පහුගිය කාලේ කේ.පී.ට අයිති නැවක් තියෙනවා කිව්වා. අපි අහන්න කැමැතියි එතකොට ඒ නැව අලුතින් පාට වෙනස් කරලා ද මේ කුඩු ගෙන ඒමට යොදා ගන්නේ කියලා.


ලොකු මිනිස්සු මේවා ගෙන්වනවා. පොඩි මිනිස්සු බෙදනවා. ඒ පොඩි මිනිස්සු අල්ලනවා. ලොකු අය අල්ලන්නේ නෑ. මේකයි අද තත්වේ. කොහොම නමුත් අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාගෙන මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා " යැයිද පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහභාගී වූ මෙම කාන්තා දින උත්සය මෙවර පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරග වදින ඩයනා ගමගේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු 'එක්සත් කාන්තා පෙරමුණ' විසින් සංවිධානය කර තිබු  අතර ඒ සදහා ප්‍රථම වනිතා කටයුතු ඇමැතිනිය වන වත්මන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මන්ත්‍රීවරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වි සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad