පකිස්තානු පිලට ඔල්වරසන් පෑ කාශ්මීර සිසුන්ට නඩු - GOSSIP9.WORLD

Post Top Ad

පකිස්තානු පිලට ඔල්වරසන් පෑ කාශ්මීර සිසුන්ට නඩු

Share This
ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දී පකිස්තානු පිල වෙනුවෙන් ඔල්වරසන් පෑ බවට සැක කෙරෙන ඉන්දීය කාශ්මීරයේ සිසුන් පිරිසකට රාජද්‍රෝහි චෝදනා මත නඩු පවරා තිබේ.

මෙම සිසුන් පිරිස ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අතර ආසියානු කුසලානය සඳහා ඉන්දියාව සහ පකිස්තානය අතර පැවති තරඟයෙන් පසු ඔවුන්ගේ පන්ති තහනම් කර ඇත.

චෝදනා ඔප්පු වුවහොත් හැට දෙනෙකුට අධික මෙම ශිෂ්‍ය පිරිසට වසර තුනක සිර දඬුවම් හිමි විය හැකියි.

ඉන්දීය පොලිසිය පවසන්නේ ජාති විරෝධී පනත යටතේ මෙම සිසු පිරිසට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි.

මෙය පිළිගත නොහැකි මට්ටමේ රළු පියවරක් බව පවසන ජම්මු කාශ්මීරයේ මහ ඇමති ඔමාර් අබ්දුල්ලා, සිසු පිරිසට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා ලෙස උත්තර් ප්‍රදේශ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දීය සිසු පිරිස කියා සිටියේ පකිස්තානු පිල ජය ගැනීමෙන් අනතුරුව අත්පොළසන් දීමක් පමණක් සිදු කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad