අප ඉවත් කළ හැක්කේ ජනතාවට පමණයි - ජනපති - GOSSIP9.WORLD

Post Top Ad

අප ඉවත් කළ හැක්කේ ජනතාවට පමණයි - ජනපති

Share This
ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ ගම්පහ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.

තම රජය කිසිවිටක ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩා නැති බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, තමා රට තුළ පරාජය කල නොහැකි නිසා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීමට උත්සාහ කරන බවට විපක්ෂයට චෝදනා කළේය.

දෙමළ උද්ඝෝෂණයක්
" විදුලි පුටුවට අරන් යන්නත් බැහැ, වෙන කොහේවත් අරන් යන්නත් බැහැ. අප ඉවත් කරන්න පුළුවන් එකම කොටස ජනතාව පමණයි, " යනුවෙන් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

මේ අතර නැගෙනහිර පලාතෙන් පැමිණි දෙමළ ජාතිකයන් දෙසීයක් පමණ සඳුදා උදෑසන කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටියහ.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ගෙන ඒ මෙන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින සාමකාමී පරිසරය හා සංවර්ධනය කඩාකප්පල් විය හැකි බවයි, එම විරෝධතාවාදීන් පෙත්සමක් මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නේ.

එම විරෝධතා ව්‍යාපාරයේ නායකයකු වූ එස්.පී. සීලන් ප්‍රකාශ කළේ, සියලු ජාතීන්ට සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය මේ වන විට උදා වී තිබෙන හෙයින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම අනවශ්‍ය බවයි.

ජනතා විමුක්ති පෙරමුණ
'උතුරේ ජනතාවට කොහොම සලකන්න ඇද්ද කියලයි,
අද නවී පිල්ලේලා ප්‍රශ්න කරන්නේ'
ඉරිදා කිරිබත්ගොඩ පැවැත්වුන රැළියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා මේ අතර පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන්නේ ආණ්ඩුවේම වරදින් බවයි.

" බෝධි පූජා පවත්වල රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරපු රතුපස්වල ජනතාවට ඒ හමුදාව විසින්ම වෙඩි තිබ්බ නම්, උතුරේ ජනතාවට කොහොම සලකන්න ඇද්ද කියලයි, අද නවී පිල්ලේලා ප්‍රශ්න කරන්නේ " යයි විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුව පසුගිය අවදියෙහි මාධ්‍යවේදීන්ට කළ පහර දීම් හා සුලු ජාතීන්ට කළ අඩන්තේට්ටම් නිසා ශ්‍රී ලංකාවට අද මෙවන් යෝජනාවකට මුහුණ දීමට සිදු වී ඇති බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාවට අත පෙවීමට ජාත්‍යන්තර බලවේග වලට ඉඩ ලබා දෙන ලෙස කටයුතු කර ඇත්තේ ආණ්ඩුවේ දූෂිත පාලකයන් බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad