ජෙයකුමාරි හා විභුසිකා නිදහස් කරන්නැයි විරෝධතාවක් - GOSSIP9.WORLD

Post Top Ad

ජෙයකුමාරි හා විභුසිකා නිදහස් කරන්නැයි විරෝධතාවක්

Share This
ශ්‍රී ලංකා හමුදාව විසින් පැහැරගෙන ගිය, අතුරුදහන්වූ ඥාතීන්ව සොයා හඞා වැලපූ දැරිය සහ ඇයගේ මව නිදහස් කරන්නයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඊයේ (15 දා) වවුනියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.

විරෝධතාවය අතරතුරදි අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ද සිය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ ජායාරූප පෙන්වමින් විරෝධතාවයේ නිරතවිණි.

එහිදී උද්ඝෝෂණය සංවිධානය කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසා සිටියේ, මෙම මව සහ දියණිය අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතු සාධයක් නොමැති බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ වෙනත් හේතුවක් නිසා බවත්ය.

ඒ අන් කිසිවක් නිසා නොව මොවුන් දෙදෙනා කාලයක් පටන් උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ සදහා සක්‍රීයව මැදිහත්ව දෙමළ ජාතිකයින්ගේ අයිතින් වෙනුවෙන් හඩ නැගීම බවයි.

කෙසේ නමුත් අදාළ මව සහ දියණිය නිදහස් කරගන්නා තෙක් මින් ඉදිරියටද උදඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

කිලිනොච්චිය ධර්මපුරම් මුසලම්පිඩ්ඩි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි  විජයකුමාර් ජෙයකුමාරි නමැත්තිය හා විභුෂිකා නැමැති ඇයගේ වයස අවුරුදු 13 ක දියණිය, ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ  සැකකරුවකුට රැකවරණ දීමේ චෝදනාව මතබව පොලිසිය පවසයි.
















-සබැදි පුවත්-
කිලිනොච්චියේ ක්‍රියාධාරිනියක් අත්අඩංගුවට

No comments:

Post a Comment

Post Bottom Ad