හකීම් පරයා ම තමයි ! - බොදු බල සේනා - GOSSIP9.WORLD

Post Top Ad

හකීම් පරයා ම තමයි ! - බොදු බල සේනා

Share This
අපේ රටේ ජනතාවගෙන් පඩි ලබමින්, රජයේ කැබිනට් ඇමති වරයකු ලෙස කටයුතු කරමින් ජිනීවා වලට ගතු කීම අනුව හකීම් පැහැදිලිව අනුන්ට වැඩ කරන්නෙකු බවත් ඒ අනුව ඔහුට පරයා කීම නිවැරදි බවත් බොදු බල සේනා කියා සිටී. 

බොදු බල සේනා සංවිධානය මෙසේ පවසන්නේ, එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි විසින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට පරුෂ වජනයෙන් බැණ වැදුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමිනි.

ඤානසාර හිමි අදාළ රැස්වීමේදී සදහන් කළ පරයා යන වචනය පරුෂ වචනයක් නොවන බවත්, එය අනුන්ගේ හා අනුන්ට වැඩ කරන යන අදහස ගෙන දෙන වචනයක් බවත්, පර දේශක්කාරයින්, පර සුද්දන් යන වචන පාසල පොත් වල පවා භාවිත වන බවත් එම නිවේදනය කියයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.


බොදු බල සේනා ක්‍රියාකාරිත්වය නිසා රට අගාධයට යාම ගැන හකීම් ඇමතිවරයා කරන ප්‍රකාශය ඉතාමත් හාස්‍යජනක ප්‍රකාශයකි. රටේ අධිකරණ ඇමතිවරයා ලෙස ඔහු කරනු ලබන ප්‍රකාශය සුළු කොට තැකිය යුතු  නොවේ. හකීම නම් මුස්ලිම් අන්තවාදී නායකයා ලෙස කරන බොරු ප්‍රකාශ ගැන අපි හොඳටම දන්නවා. 2012 ජන්ද කාලේ කහ සිවුරු ත්‍රස්තවාදය හා 2014 දී බෞද්ධ ත්‍රස්තවාදය ගැන කතා කොට මුස්ලිම් වරුන් නොමග යැවීමට කටයුතු කිරීමත්, රජයේ ඇමතිවරයකු ලෙස ජිනීවා වලට පැමිණිලි කිරීමෙන් ඔහු බරපතළ වරදක් කොට රට අගාධයකට ගෙන යන බව අප පැහැදිලිව ප්‍රකාශ කරනවා.  අප රටේ පමණක් නොව මුළු ලෝකයම අද විනාශ වෙමින් පවතින්නේ හකීම් වැනි මුස්ලිම් අන්තවාදීන් නිසාවෙනි.

මේ අතර, බොදු බල සේනා තමන්ට පරයා කීම ගැන ප්‍රතිචාර දක්වමින් ඇමති රාවුෆ් හකීම් පවසා තිබුණේ වැද්දන් හැර අන් සියලු දෙනාම පරයින් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad