ජාත්‍යන්තර ප‍්‍රශ්න මතුවුණේ බලසේනා නිසා - හකීම් - GOSSIP9.WORLD

Post Top Ad

ජාත්‍යන්තර ප‍්‍රශ්න මතුවුණේ බලසේනා නිසා - හකීම්

Share This
ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ප‍්‍රශ්න ඇතිවන්නේ විවිධ සේනා නමින් හදාගත් සංවිධාන ක‍්‍රියාකරන ආකාරය නිසා බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
 එම සේනා නමින් හඳුන්වාගත් සංවිධාන ඇතැම් අවස්ථාවලදී නිල නොලත් පොලීසියක් ලෙස කටයුතු කරන බව ප‍්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (16) පැවති ජනහමුවකට එක්වෙමිනි.

" ජිනිවා යෝජනාවෙ මීට පෙර තිබුණෙ, යුධ සමයේ ඇතිවුණු සිද්ධින් පිළිබදව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබදවයි. නමුත් වර්තමානයේ, තවත් ප්‍රශ්න මතුවෙලා ඇමරිකානුවො එව ඇතුළත් කළේ මේ බල සේනාවෙ මේ වැඩපිළිවෙළ පටන්ගත්තට පස්සෙ. 

ගේ ඇතුළෙ, කාමරයක් ඇතුළෙ දොර වහගෙන දෙවියන් අදහන්නත් තහනම් කරන මෙ බල සේනාවට කව්ද මේ විදියට කතා කරන්න ඉඩ දුන්නේ? ඇයි ඒ කට්ටිය පිළිබදව විමර්ශනයක් පවත්වන්නැත්තෙ? පොලිසියට නොතිබෙන බලයක් මේ බල සේනාවට කව්ද ලබාදුන්නෙ? " යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

හකීම් මහතාගේ මෙම ප්‍රකාශය, " අන්‍යාගමීකරණයට එරෙහිව රජය පියවර නොගතහොත් තම සංවිධානයට නිල නොවන පොලිසියක් ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇති බවට " බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය.

බොදු බල සේනාවට බලය ලබාදුන්නේ කව්දැයි ඇමතිවරයා කරන ප්‍රශ්න කිරීම, එය මෙහෙයවන හා රැකවරණය සලසන ආණ්ඩුවේ කෙරෙහි අප්‍රසාදය පළ කිරීමක් බව පැහැදිලි ය.

සංවිධානාත්මක කණ්ඩායම්වලින් මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කිරීමට මුස්ලිම් කොන්ග්‍රසය පසුගියදා කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad