චන්ද්‍රිකාගේ රෙදි අද ගළවනවා - ඤාණසාර හිමි - GOSSIP9.WORLD

Post Top Ad

චන්ද්‍රිකාගේ රෙදි අද ගළවනවා - ඤාණසාර හිමි

Share This
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සැබෑ තත්ත්වය අද (13 දා) හෙළිදරව් කරන බව බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පවසයි.

" චන්ද්‍රිකා උන්දලා ඇමෙරිකාවේ ආයතන වලින් සල්ලි අරගෙන කළ එලි බැහැලා ඉන්නවා. උන්දගේ රෙදිත් අපි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ගලවනවා. උන්දැට ඒ කාලේ කරගන්න බැරිවුණ දේවල් දැන් කරන්න හදන එක ගැන අපි කියනවා. හකීම්ගේ දේවලුත් අපි කියනවා " යැයි ඤාණසාර හිමි පවසයි.

රට මිහින්ලන්තයක් බවට පත්ව ඇති බවත්, ජිනීවා වැනි ප්‍රශ්න මුල්කරගනිමින් කට පියාගෙන සිටීමට සිදුව ඇති බවත් ඤාණසාර හිමි වැඩිදුරටත් පවසා තිබේ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව පසුගියදා එජාප නායකයාට පිරි නැමුණු අතර, පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ බෞද්ධ නොවන ආගමික ස්ථානවලට ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට යම් කිසි කණ්ඩායම් ප්‍රහාර එල්ල කළ බවත්, ඒ නිසා මේ සම්බන්ධව සංහිඳියාවක් ඇති කිරීමට සාකච්ඡා කොට එම ලියවිල්ල සකස් කළ බවත් ඇය එහිදී  සඳහන් කළාය.

මේ අතර, මෙරට මුස්ලිම් ජනතාවට මෙන්ම මුස්ලිම් සිද්ධස්ථාන වලට එල්ලවන බලපෑම් හා මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කළ පහරදීම් පිළිබදව මුස්ලිම් කොන්ග්‍රසය ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය වෙත පසුගියදා කරුණු ඉදිරිපත් කළේය.

ඤාණසාර හිමි හිටපු ජනාධිපතිනියගේ රෙදි ගැළවීම පිළිබද අදහසක් පහළ වී ඇත්තේ මේ සිදුවීම්වලින් අනතුරුවය.

No comments:

Post a Comment

Post Bottom Ad