මළ මීනීවලින් සල්ලි ගරන නගරාධිපති! - GOSSIP9.WORLD

Post Top Ad

මළ මීනීවලින් සල්ලි ගරන නගරාධිපති!

Share This
ගම්පහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතාට එරෙහිව, නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතා විසින් ගම්පහ පොලිස් වංචා විමර්ශන ඒකකයට ඊයේ (12) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

නගර සභාවට ලැබිය යුතු මුදල්, නගරාධිපතිවරයා විසින් ඔහුගේ නමින් ඇති පදනමකට වංචා සහගත ලෙස බැරකර ගන්නා බව අදාළ චෝදනාවයි.

මෙම දෙදෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරති.

ගම්පහ ඉදිගොල්ලේ අවමංගල්‍යාගාරයකින් ඉවතලන මිනිස් ශරීර කොටස් ගම්පහ පොදු සුසාන භූමියේ ස්ථානයක වළ දැමීමට අවමංගල්‍ය ශාලා හිමිකරු විසින් කාර්මික නිලධාරියා මගින් වෙන්කර ගත් පසු රුපියල් 20,000ක මුදලක් එරංග සේනානායක පදනමට බැර කරන ලෙස කර ඇති දැනුම් දීමක් පදනම් කරගෙන එම පැමිණිල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad