එන්ඩස්කොපි ටියුබ් ජිවානුහරණයට වැසිකිළි සේදුම් කාරකයක් යොදාගෙන - GOSSIP9.WORLD

Post Top Ad

එන්ඩස්කොපි ටියුබ් ජිවානුහරණයට වැසිකිළි සේදුම් කාරකයක් යොදාගෙන

Share This
ශරීර අභ්‍යන්තර පරීක්ෂා කරන පරීක්ෂණ උපකරණ (එන්ඩස්කොපි වෙන්ටි‍ලේටර් ටියුබ්) ජීවානුහරණය කිරීමට භාවිත කරන ඇසිටික් ඇසිඩ් වෙනුවට රුපියල් කෝටි 400ක් වියදම් කරමින් වැසිකිළි පිරිසිදු කිරීමට භාවිත කරන සෝඩියම් පබෝරේට් ආනයනය කර රෝහල්වල භාවිතයට දී ඇති බව අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් සෝඩියම් පබෝරේට් භාවිතය ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

සෝඩියම් පබෝරේට් විෂබිජ නාශකය පසුගිය වසරේ ඔක්තෝබර් මස මෙරටට ආනයනය කර ඇත්තේ ඉන්දියානු සමාගමකිනි.

සෝඩියම් පබෝරේටි විෂබිජ නාශක වසර තුනක් සඳහා ප්‍රමාණවත් පරිදි මෙරටට ආනයනය කර ඇති අතර ඒවා රාජ්‍ය අංශයේ ඖෂධ ගෙන්වන ආයතනයක් ඔස්සේ මෙරටට ආනයනය කර තිබේ.

එන්ඩස්කොපි වෙන්ටිලෙටර් ටියුබ් ජීවානුහරණය කිරීම සඳහා සෝඩියම් පබෝරේටි විෂබිජ නාශකය මෙරටට ආනයනය කිරීමට ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලබාගෙන නැති බවද අනාවරණය වේ.

එන්ඩස්කොපි පරීක්ෂණය සඳහා ගන්නා උපකරණවල විෂබිජ නැති කිරීමට ඒවා ජීවානුහරණය කළ යුතු වන්නේ පඇසිටික් ඇසිට් විෂබිජය මිස වෙනත් කිසි විෂ බිජයකින් නොවන බව ද අමාත්‍යාංශ නිලධාරියෙක් කීය.එහෙත් වැසිකිළි සඳහා කානු ශුද්ධ කිරීම සඳහා මෙන්ම ඇඳුම් සෝදනාගාර සඳහා භාවිත කරන සෝඩියම් පබෝරේට් ඒ සඳහා භාවිත කිරීම බරපතළ වරදක් බවත් අමාත්‍යාංශයේ නිලධාරියා අවධාරණය කළේය.

ඒවා ශරීරයට අහිතකර බවත් ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීම සඳහා භාවිතයට ගන්නා උපකරණ ශරීරයට ඇතුළු කිරීමට පෙර ඒවායේ විෂබිජ මර්දනය කර විෂබිජ නැති බවට තහවුරු වූ පසු පරීක්ෂණ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව හෙතෙම පැවසීය.

එසේ නොවුණහොත් විෂබිජ ශරීර අභ්‍යන්තරයට ගොස් වෙනත් ලෙඩ රෝග ඇති කිරීමට පවතින ඉඩකඩ වැඩි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2013 වර්ෂය සඳහා ද එන්ඩස්කොපි පරීක්ෂණ උපකරණ ජීවානුහරණයට ‘ඇසිටික් ඇසිට්’ විෂබිජ නාශකය වෙනුවට සෝඩියම් පබෝරේට් විෂබිජ නාශකය ආනයනය කළ බවත් ඒවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ බලපෑම් මත ඉවත් කළ බවත් පසුව එම සමාගම අසාදුගත ‍ලේඛනය කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වර්ෂයේ සිදු වූ එම වරද නැවත සිදු කර ඇති බවත් මාස ගණනාවක සිට රෝගීන්ට සිදු කෙරෙන එන්ඩස්කොපි පරීක්ෂණ උපකරණ සඳහා වැසිකිළි පිරිසිදු කරන සෝඩියම් පබෝරේට් භාවිත කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad