දයාසිරි හා දුමින්දගේ දිවිල්ල ! - GOSSIP9.WORLD

Post Top Ad

දයාසිරි හා දුමින්දගේ දිවිල්ල !

Share This
වයඹ පළාත් මහ ඇමති නීතීඥ්ඥ දයාසිරි ජයසේකර මහතා සරමක් ඇඳගෙන දිවීමේ සිද්ධියක් වාර්තා වේ.

ඔහු මෙසේ දුවා ඇත්තේ අද (03) කුරුණෑගල කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමෙන් පසුව එහි ව්‍යායාම යන්ත්‍රයක් භාවිතා කරමිනි.

එහිදී දයාසිරි මහතා තමා දේශපාලනය කළාට ක්‍රීඩාවත් සමග බැඳුනු අය බවද කියා ඇති අතර, වර්ථමානයේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක පුළුවන්තරම් සෞඛ්‍ය යම්කිසි විදියකට තබා ගැනීම අවශ්‍ය බවද පැහැදිලිකර තිබේ.

ජයසේකර මහතා මෙසේ ද පවසා තිබිනි.

" මම මහා ඇමති වුනාට පස්සේ මට සිදු වුණා කුරුණෑගල කාය වර්ධන මධ්‍යස්ථාන හොයන්න. හරිහමන් තැනක් නැති නිසා මම උදේට වැව රවුමේ දිව්වා, බයිසිකල් පැද්දා. ඉතින් අද ඒ ගැටලුව ගොඩක් දුරට ඉවර වෙනවා. අපේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමත් මේ ගැන හොඳට දන්නා කෙනෙක්. අපි කොළඹ ඉද්දිනම් වෙලාව තිබ්බා මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. "

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ නෙරංජන් වික්‍රමසිංහ, පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත්, කුරුණෑගල නගරාධිපති ගාමිණි පෙරමුනගේ යන මහත්වරුන් සභාභාගී වූහ.









No comments:

Post a Comment

Post Bottom Ad