කොළඹ කුණු අපිට එපා - වනාතවිල්ලුව ජනතාව - GOSSIP9.WORLD

Post Top Ad

කොළඹ කුණු අපිට එපා - වනාතවිල්ලුව ජනතාව

Share This
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ගඟේ වාඩිය ප්‍රදේශයට කොළඹ කුණු කසල ගෙනැවිත් දැමීමේ සැලසුම් ගැන තමන්ට වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.

වනාතවිල්ලුව ගඟේ වාඩිය ප්‍රදේශයේ පිහිටි හුණුගල් ඉවත් කරන ලද විශාල වලවල් වලට එම කුණු තොග දැමීමට යෝජනා වී ඇති අතර මේ වන විට ඒ සඳහා අවශ්‍ය මිණුම් කටයුතු සිදු කර අවසන් බවත් වාර්තා වෙයි.

එවැනි තත්වයක් යටතේ අවශ්‍ය පාරිසරික වාර්තා ලබා ගැනීම සඳහා කණ්ඩායමක් ප්‍රදේශයට පැමිණ සිටි අතර එහි නායකත්වය ගත් මැග්ඩන් ජයසූරිය ප්‍රකාශ කළේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීමට ප්‍රථම එම ප්‍රදේශයේ පාරිසරික මෙන් ම විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

කුණු දැමීම මගින් සිය පානීය ජලය අපවිත්‍ර කෙරෙන අතර භයානක රෝග පැතිර යාමට ඉඩ ඇති බව ගඟේ වාඩිය ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වනසතුන්ටත් හාණියක්
විල්පත්තු අභය භූමියට හා කලාඔයට නුදුරින් කුණු කසල දැමීම සිදු කළොත් එය වන සතුන්ටත් හානිකර බලපෑමක් වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික සේනාධීර ප්‍රකාශ කරමින්, පවතින ජනතා විරෝධය පිළිබඳව අදාළ බලධාරීන් දැනුම් දුන් බවත් කුණු කසල දැමීම නිසා සිදු වන පරිසර හානිය තක්සේරු කල නොහැකි මට්ටමක එකක් වන බවත් කියා සිටියේය.

වසර කීපයකට පෙර හුණුගල් ඉවත් කරන ලද අඩි සියයයට වඩා ගැඹුරු වලවල් කීපයක් එම ප්‍රදේශයේ සංචාරය කල Gossip9ට දැක ගත හැකි විය.

එහි ස්ථාන කීපයක මිණුම් කටයුතු සිදු කර ඇති බවට සාක්ෂි පවතින අතර නළ ළිං වැනි දේවල් ද දක්නට ලැබුන බවයි ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad