ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළොත් රට බේරේවි - චන්ද්‍රිකා - GOSSIP9.WORLD

Post Top Ad

ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළොත් රට බේරේවි - චන්ද්‍රිකා

Share This
ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායක අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, ජිනීවා යෝජනාවෙන් රට බේරා ගත හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව පරාජය කිරීම පිණිස උපකාර කරන්නේදැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

" ලංකාව බේරගන්න උදව් කරන්න නම්, ලංකාවේ ආණ්ඩුව සහ ලංකාවේ ජනතාව හරියාකාරව ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායකයන් අනුව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට ලංකාව බේරෙයි, " යනුවෙන් ඇය කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එජාප නායකයාට පිරි නැමූ අවස්ථාව වාර්තා කිරීම පිණිස දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් පැමිණ සිටිහය.

No comments:

Post a Comment

Post Bottom Ad