''මේවගේ මැතිවරණ නොපැවැත්විය යුතුයි'' - CAFFE - GOSSIP9.WORLD

Post Top Ad

''මේවගේ මැතිවරණ නොපැවැත්විය යුතුයි'' - CAFFE

Share This
දවල් රාජ්‍ය සේවකයින්ට කුණු හරුපයෙන් බනින, රෑට බලහත්කාරයෙන් කටවුට් ගහන පරිසරයක මැතිවරණ නොපැවැත්විය යුතු බව කැෆේ සංවිධානය පවසයි.

" මැතිවරණ නීතිය වෙනස් කරන්නට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් මැතිවරණ කාලයට පුවත්පත් සාකච්ඡාවල දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යුක්ති යුක්ත කිරීමෙන් සිදුවන්නේ කැස්බෑව වැනි මුදා නොගත් ප්‍රදේශ මැතිවරණය පැවැත්වෙන සෑම දිස්ත්‍රික්කයකම ඇති කරන්නට දිරි දීම පමණක් " යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

" කැස්බෑවේ මේ වන විට පොලීසියටත්, මැතිවරණ දෙපාර්තමේන්තුවටත් පාලනය කළ නොහැකි මාමා - බෑනාගේ චන්ඩි දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. නීති විරෝධී මැතිවරණ කාර්යාලය ඉවත් කිරීමට පැමිණි මැතිවරණ නිලධාරීන්ට බැන වැදී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන දේපල අයථා පරිහරණය ගැන නිරීක්ෂණ වාර්තාව ලියන්න ගිය රජයේ සේවකයින්ට බැන වැදී තිබෙනවා.

කැළේ මාරු කළාට පුල්ලි මාරු නොවන දේශපාලන මැරයින්ගේ ග්‍රහණයට නතුවෙලා කැස්බෑව තවමත් මුදා නොගත් ප්‍රදේශයක් වාගෙයි. කැස්බෑව මුදාගන්නට පොලීසියටත්, මැතිවරණ දෙපාර්තමේන්තුවට ත් හැකියාවක් නැතිනම් ඡන්ද පෙට්ටිය ඡන්ද පොළ වෙත නොවෙයි මේ මාමා - බෑනලාගේ ගෙදරටම යවලා පුරවාගෙන ඇවිත් ගණන් කරන්නට වේ යැයි ද " කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

තෙන්නකෝන් මහතා මෙසේ පැවසූවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ නිරික්ෂකයින් පුහුණු කිරීම සදහා අද (මාර්තු 11) දින පැවති වැඩමුඵව අමතමිනි.

කැස්බෑවේ මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කිරීම, පාලනයෙන් මිදුණු මැතිවරණ ප්‍රචාරක කටයුතු කැෆේ සංවිධානය දැඩිව හෙළා දකිනවා. මෙය පාලනය කිරීමට පොලීසිය අසමත් වූවොත් නාම යෝජනා දිනයේ ගාල්ලේ සිදුවුණා වගේම මැතිවරණ දිනයේ දීත් ආයෙත් සැරයක් පොලීසියට ගුටිකන්නට වේවි.

" මැතිවරණ නීතිය වෙනස් කරන්නට අවශ්‍යයි. එහි කිසිදු විවාදයක් නෑ. නමුත් අද පවත්නා නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසියේත්, මැතිවරණ දෙපාර්තමේන්තුවේත් වගකීමයි. කැස්බෑවේ මැර දේශපාලනඥයෝ කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරලා පහුවදා පුවත්පත් සාකච්ඡා පවත්වන එකයි.

ඡන්ද නීතිය වෙනස් කරන්න ඇත්ත ඕනි කමක් තියෙනවා නම් ඒක කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට තුනෙන් දෙකක බලයක් තිබෙන පාර්ලිමේන්තුවේ එය පහසුවෙනම කරන්න පුඵවන්. ඒක නොකර පුවත්පත් සාකච්ඡාවලට කැස්බෑවේ චන්ඩි ගෙන ඇවිත් මේ නීති අනුව අපිට ප්‍රචාරක කටයුතු කරන්න බෑ කියලා මුදා නොගත් කලාප සංකල්පය ශක්තිමත් කිරීම කිසි ලෙසකින් හෝ අනුමත කරන්න බෑ. " යැයි ද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad