බුද්ධගයා පිපිරුමේ සැකකරුවෙක් අත්අඩංගුවට - GOSSIP9.WORLD

Post Top Ad

බුද්ධගයා පිපිරුමේ සැකකරුවෙක් අත්අඩංගුවට

Share This
ඉන්දියාවේ බුද්ධගයා විහාරයට පසුගිය වසරේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අද (02දා) සමත්ව තිබෙන බව ‘ද හින්දු’ පුවත්සේවය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවා මුජහඩීන් නමැති ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වූවෙක් බවද විමර්ශන ඒජන්සිය උපුටා දක්වමින් ‘හින්දු’ පුවත් සේවය වාර්තා කළේය.

ඉන්දියාවේ බුද්ධගයා විහාරයට පසුගිය වසරේ ජූලි  7 වැනි දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර, මීට ඉහතදීද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කළේය. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

No comments:

Post a Comment

Post Bottom Ad