තවත් සෞඛ්‍ය සේවයේ සටනකට ජය ! - GOSSIP9.WORLD

Post Top Ad

තවත් සෞඛ්‍ය සේවයේ සටනකට ජය !

Share This
හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුල පවුල් සෞඛ්‍ය, සෞඛ්‍ය පරීක්‍ෂක සේවකයින්ගේ ගමන් වියදම් දීමනාව නොගෙවීම හේතුවෙන් ඊට එරෙහිව ආරම්භ වූ සටන ජයග‍්‍රහණය කළ බව සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනින්ගේ සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය පවසයි.

2012 වසරේ හා 2013 වසරවල ගමන් වියදම් දීමනාව ලබාගනු ලැබූයේ මෙලෙස සේවකයින් ගෙන ගිය අරගලය නිසා බව පවසන ජයතුංග මහත්මිය, හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා කිහිප විටක්ම සේවකයින් නොමග යවා මෙම දීමනාව ගෙවීම පැහැර හැරි බව පවසයි.

කෙසේ නමුත් 05වනදා රාත‍්‍රීයේ සිට සේවකයින් අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ කාර්යාලය ඉදිරිපස සිට විරෝධතාවයක් පැවැත්වූ අතර අවසානයේ ඔවුන්ට හිමි දීමනා ගෙවීමට බලධාරීන් එකඟ වී තිබේ.

කෙසේ වෙතත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය මගින් මෙහිදී සේවකයින් රවටමින් දීමනාව ගෙවූ බවට ප‍්‍රචාරයක් යැවීමට කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් එම සංගමය වෙතට සේවකයින් වෙතින් ලොකු විරෝධයක් මතු වී ඇත.

සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනින්ගේ සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය පවසන්නේ මෙලෙස සේවකයින් හට ගෙවිය යුතු දීමනා වහාම ගෙවීමට නිසි සැලැස්මක් සැකසීමට අදාල බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad