අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ දේශපාලනය තහනම් කරයි! - GOSSIP9.WORLD

Post Top Ad

අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ දේශපාලනය තහනම් කරයි!

Share This
නිකායේ කතිකාවතට පිටුපා කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධව නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට තීරණය කරන බව අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද මාහිමියෝ පැවසූහ.

සමස්ත අමරපුර මහා නිකායට අයත් සියලූ පාර්ශ්වල භික්ෂූන් වහන්සේලා කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසීම කෙසේවත් අනුමත නොකරන බවද මහා නායක මාහිමියෝ පැවසූහ.

සිංහල රාජ්‍ය සමයේවත් භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවාගෙන රට පාලනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. එකල ඇතැම් භික්ෂූන් සිවුරු හැර රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ බව වංශ කතා සාහිත්‍යයේ සදහන් වෙනවා. 

ත්‍රෛනිකායික මහා සගරුවන පාට පක්ෂ දේශපාලනයෙන් බැහැරව මේ රට ආරක්ෂා කර ගැනීම සදහා සමගි සන්ධානයකට එළැඹිය යුතු කාලය පැමිණි ඇතැයි මහානායක මාහිමියෝ පෙන්වා දුන්හ.

ප‍්‍රාදේශීය සභා,පළාත් සභා මෙන්ම පාර්ලිමේන්තුව ආදී මහජන නියෝජිතයන් නියෝජනය කරන සභාවක භික්ෂුවක් පදවි තානාන්තර දරමින් ගිහියන් සමග වාද විවාද වලට සහභාගී වීම එතරම් හද කි‍්‍රයාවක් නොවේ.

ඇතැම් ප‍්‍රාදේශීය සභා නගර සභාවල සභාපති තනතුරු හොඹවන භික්ෂූන් මස් වෙළද සල් සදහා බලපත‍්‍ර නිකුත් කිරීමට ඉදිරිපත් වීම විනය විරෝධී ක‍්‍රියාවක් ලෙස සැලකීමට හැකිය.අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර යහපත් ජන සමාජයක් බිහිකරලීමේ කාර්ය භික්ෂූන් වහන්සේට පැවරී ඇති වගකීමක්. 

එම කාර්ය පටු දේශපාලන අරමුණු වලින් බැහැරව සිදුකළ විට භික්ෂුව කෙරෙහි ජනතා ප‍්‍රසාදය දිනෙන් දින වැඩිවීමට ඉඩ තිබේ යැයි මහනායක මාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad