මහින්දගෙන් ඩයනට ලියුමක් ! - GOSSIP9.WORLD

Post Top Ad

මහින්දගෙන් ඩයනට ලියුමක් !

Share This
රජයේ සේවකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් හා හිමිකම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXXII පැහැදිළිව විස්තර කර ඇති පරිදි රජයේ සේවකයෙකුගේ තනතුර / තනාන්තරය අනුව හා ආයතන සංග්‍රහයේ පනවා ඇති සීමාවන්ට පරිබාහිරව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදිය නොහැකි බව අවධාරණය කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින ඩයනා ගමගේ මහත්මියට ලිපියක් යොමුකර තිබේ.

රජයේ නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමේ හැකියාව විමසමින් ඩයනා මහත්මිය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට යවන ලද ලිපියකට පිළිතුරු ලෙස මේ ලිපිය එවා තිබේ.

තවද ඡන්ද විමසීමකදී යම් අපේක්ෂකයකුට පක්ෂයකට අගතියක් හෝ වාසියක් වන පරිදි යම් නිලධාරියකු තම රාජකාරී බලය ඇතුළුව රජයේ නිශ්චල හා චංචල දේපල භාවිතා කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 104 (ආ) ජේදයේ ප්‍රකාරව එවැන්නක් තහනම් කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ඇති බවත් එම ලිපියෙන් පෙන්වාදි ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක නීතීඥ්ඥ උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීම පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක සිද්ධියක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad