රජිව් ගාන්ධි ඝාතකයින්ගේ නිදහස ගැන ගැටුමක් ! - GOSSIP9.WORLD

Post Top Ad

රජිව් ගාන්ධි ඝාතකයින්ගේ නිදහස ගැන ගැටුමක් !

Share This
රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩුව අතර මත ගැටුමක් ඇතිව තිබේ.

මේ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය විසින් ගොනුකරනු ලැබූ පෙත්සම අභියාචනාධිකරණය සලකා බලන තෙක් චූදිතයන්ව නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයට බලයක් නොමැති බව ප්‍රධාන විනිසුරු පී. සතාසිවම් මහතා හා සොලිසිටර් ජනරාල් මොහාන් පරසාරන් මහතා අද දහවල් නියෝග කර තිබේ.

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ගනු ලැබූ තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අගමැති ආචාර්ය මංමෝහන් සිං මහතා ප්‍රකාශ කළේ අදාළ ක්‍රියාමාර්ගය නීතියම වශයෙන් තහවුරු කළ නොහැකිවාක් මෙන්ම නීතියේ සාධාරණත්වයට පටහැනිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බවයි.

රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් සිවුදෙනාද ඇතුළුව සිද්ධියට සම්බන්ධ හත්දෙනෙකු නිදහස් කිරීමට ජයලලිතා ඇතුළු තමිල්නාඩු රජය ඊයේ (19දා) තීරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad