තංගල්ල සභාපතිට බන්ධනාගාරයේ රජ සැප ! - GOSSIP9.WORLD

Post Top Ad

තංගල්ල සභාපතිට බන්ධනාගාරයේ රජ සැප !

Share This
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා හමුවීමට දිනකට සෑහෙන පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණීම නිසා බන්ධනාගාර නිලධාරින් මෙන්ම අනෙකුත් රැඳවියන් හමුවිමට පැමිණෙන පිරිස් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරයක් තුල ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමයට පරිබාහිරව මේ අන්දමට බොහෝ දෙනෙකුට ඔහු හමුවන්නට හා කතාබහ කරන්නට ඉඩලැබී තිබෙන බව වාර්තා වෙයි.

මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය සංචාරකයෙක් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


සාමාන්‍ය නීතියට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙක් හමුවිය හැක්කේ දිනකට එක්වරකි. එයද තිදෙනෙකුට පමණි.

නමුත් හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා හමුවීමට දිනකට කිහිප වතාවක් අවස්ථාව ලබා දෙන අතර දහදෙනෙකුට වැඩි පිරිසක් පැමිණෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මොවුන් හමුවන්නේ සාමාන්‍යයෙන් සැකකරුවන් හමුවන ස්ථානයේ නොවන අතර ඒ සඳහා විනය අංශයේ කාමරයක් යොදා ගන්න බව ද පැවසේ. මේ සඳහා බන්ධනාගාරයේ ප්‍රධානියෙකුගේ සහාය හිමිව ඇතැයි ද කියයි.

එසේම ප්‍රාදේශිය සභා සභාපතිවරයා විශේෂ අවසරයක් මත නිවසෙන් තුන් වේලටම කෑම ගෙන්වා ගන්නා බව ද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad