වාස්‌ගේ පෞද්ගලික සහකාර අල්ලයි - GOSSIP9.WORLD

Post Top Ad

වාස්‌ගේ පෞද්ගලික සහකාර අල්ලයි

Share This
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක විල්ලෝරආරච්චි මහතා විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් ඊයේ (26) දහවල් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ පරික්‍ෂකවරයා විශේෂ පුහුණු පාඨමාලාවක්‌ සඳහා මීගමුව පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව පුහුණුව ලබමින් සිටියදී ඊයේ (26) දහවල් එහිගිය රහස්‌ පොලිස්‌ නිලධාරින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

වාස්‌ ගුණවර්ධන මහතා බස්‌නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කරද්දී මෙන්ම කහවත්ත ප්‍රදේශයේ රාජකාරි කරද්දීද පොලිස්‌ පරීක්‍ෂක විල්ලෝරආරච්චි මහතා ඔහුගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කරනු ලැබීය.

වාස්‌ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබෙන මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධවම ප්‍රශ්න කිරීම සඳහා පොලිස්‌ පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබූ බව රහස්‌ පොලිස්‌යේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

මීට පෙර මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධව රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වූ දිනවල දී පොලිස්‌ පරීක්‍ෂක විල්ලෝරආරච්චි මහතාගෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක්‌ ලබා ගැනීමටද රහස්‌ පොලිසිය කටයුතු කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad