ආදරේ නම් විතරක් ගැලවෙන ස්මාර්ට් තනපට - GOSSIP9.WORLD

Post Top Ad

ආදරේ නම් විතරක් ගැලවෙන ස්මාර්ට් තනපට

Share This
කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ‘ස්මාර්ට් තිසරපටක්’ හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් වන රවිජෝ සමාගම සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ‘ස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වෙයි.

මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.

කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය නිරායාසයෙන් විවෘතවන බවත් එම සමාගම පවසයි.

තවම වෙළෙඳ පොළේ හඳුන්වාදී නැති මෙම ‘ස්මාර්ට් තිසරපටය’ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද පැවසේ.





No comments:

Post a Comment

Post Bottom Ad