[DEHI NEWS] සෝමවංශගේ ජිල්මාට් කතා බොරු - අනුර කුමාර - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] සෝමවංශගේ ජිල්මාට් කතා බොරු - අනුර කුමාර

Share This
2010 දී ෆොන්සේකා පරදින බව කලින් දැනගෙන හිටියා

2010 මැතිවරණයට කලින්ම සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වන බව තම පක්ෂය දැන සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට මාධ්‍ය වෙත හෙළි කරයි.

ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පැවති නුවර එළියේ ජන රැලියෙන් පසු තමන් ඒ බව ෆොන්සේකා මහතා ඇතුළු අයට ප්‍රකාශ කර සිටි බවද ඔහු පවසයි.

Daily Mirror වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ජවිපෙ නායකයා මේ අදහස් පළ කර තිබේ.

2010 ජනාධිපතිවරණයේදී ඔබ තුමාල කිව්වා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගන්නේ නෑ කියල.ඒක ඇත්ත ප්‍රතිඵලය  නෙවෙයි කියල. අද තවම ඒ මතයේ ඉන්නවද?

අප හිතනව විශේෂයෙන්ම රටේ මතුවී තිබුණු තත්වය පිළිබඳව අපට පැහැදිලි අදහසක් තිබුණා. අපි විශේෂයෙන් නුවර එළියේ, ගම්පොළ මීටින් එක ඉවර වෙලා නුවර එළියේ රැස්වීමක් තිබුණ. ජෙනරල් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ පක්ෂයෙන් මමයි විජිත සහෝදරයයි සහභාගි වුනා. ඒ වෙලාවේදී අපි කිව්වා ජනාධිපතිවරණයේදි අපි පරාදයි කියල. හැබයි ජයග්‍රහණය කරන්න ඉඩ තියෙනව. හරියට සංවිධානය උනොත් සැලසුම් හැදුවොත් කියල. අද ඔබට කියනව ප්‍රතිඵලය පිළිබඳ අපට හොඳ දැක්මක් තිබුණා.

නමුත් 2010 ජනාධිපතිවරණය අවසන් වනවාත් සමගම ජවිපෙ , එජාපය  ඇතුළු කණ්ඩායම් සමග සරත් ෆොන්සේකා මහතා තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කලා යැයි පදනමේ සිට  සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට ක්‍රියාත්මක කරන්නට සැරසුණු වැඩපිළිවෙලක් පිළිබඳ එකල ඉමහත් කතා බහට ලක්විය.එමෙන්ම මැතිවරණ ප්‍රතිඵල ‘කොම්පුටර් ජිල්මාට්’ එකක් ලෙස එකල ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා විසින් හඳුන්වාදුන් අතර ඒ මත පදනම් වෙමින් එකල අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජවිපෙ නායකයින් මැතිවරණ පරාජයට හේතුව එය බව පුන පුනා ප්‍රකාශ කලහ. පසුව ඔවුන් අධිකරණයේ පෙත්සමක්ද ගොනු කලේ මැතිවරණය දූෂිත බවත් ෆොන්සේකාගේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොල්ල කෑ බවත් සපත කරමිනි.

නමුත් වසර හතරකට  පසුව ජවිපෙ නායකත්වයටම මේ ප්‍රකාශ කරන්නේ තමන් එදා ප්‍රබලව ප්‍රචාරය කල ඉතාමත් තීරණාත්මක මතය ව්‍යාජයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad