උඩු ගුවනේ ලාංකිකයෙක් යකා නටයි - GOSSIP9.WORLD

Post Top Ad

උඩු ගුවනේ ලාංකිකයෙක් යකා නටයි

Share This
ඩුබායි සිට ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකු තමා සතුව බෝම්බයක් ඇති බව කියමින් ගුවන් මගීන් බිය ගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. 

එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් යානයක පෙරේදා (02) ගමන් ගත් එකී ශ‍්‍රී ලාංකිකයා තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් නියමුවන් රැඳී සිටි කුටියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එහිදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඔහු සිය ග‍්‍රහණයට ගෙන ඇති අතර එම අවස්ථාවේදී නියමුවන් යානය නිරුපද්‍රිතව ස්වීඩනයේ ආලන්ඩා ගුවන් තොටුපළට ගොඩබස්සවා තිබේ. 

ඒ අනූව ගුවන් ගමනක් කඩාකප්පල් කර මගීන් බිය ගැන්වීමේ චෝදනාව යටතේ එම ශ‍්‍රී ලාංකිකයා ස්වීඩන් ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

මෙවැනිම සිද්දියක් අපේ රටේ ප්‍රසිද්දි මන්ත්‍රීවරයෙකුගේ පුතු වන  රමිත් රඹුක්වැල්ලට ගිය අවුරුද්දේ වර්තවුනි. නමුත් ඔහු දැන් ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකයෙක්.

-සබැදි පුවත්-
නවසීලන්තය සමඟ 20-20 තරඟාවලියට රමිත් රඹුක්වැල්ල කැඳවයි

No comments:

Post a Comment

Post Bottom Ad